(අයි ආර් ඉන්දික)
කෝව්ඩ් අවදානම සමබන්ධයෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලිමක් සැලකිල්ලට ගනිමින් ඌව පලාත් මොනරාගල අධ්‍යපන කොට්ඨාශ තුනක පාසල් 15ක් වසා දැමිමට ආණුඩුකාරවරයා උපදෙස් ලබාදුන් බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මොනරාගල කොට්ඨාශයේ පාසැල් පහක් සියඹලාන්ඩුව කොට්ඨාසයේ පාසල් හයක් හා බුත්තල කොට්ඨාසයේ පාසැල් හතරක් මේ අනුව ලබන අප්‍රෙල් මස 30දින දක්වා වසා තැබීමට තීරණය කර ඇත.
පැල්වත්ත මහා විද්‍යාලය ,කුකුරම්පොල විද්‍යාලය, විහාරමහාදේවි විද්‍යාලය හා රංජන් විජේරත්න විද්‍යාලය,මහානාම ජාතික පාසල, මහානාම ප්‍රාථමික විද්‍යාලය, රාජකීය ජාතික පාසල ,තෙනගල්ලන්ද මහ විදුහල,තොටිගල්හෙල ප්‍රාථමික විදුහල,ඇතිමලේ මහ විදුහල ,අතිමලේ ප්‍රාථමික විද්‍යාලය,.දොඹගහවෙල මහ විදුහල,දොඹගවෙල ප්‍රාථමික විද්‍යාලය,තිස්සපුර ප්‍රාථමික විද්‍යාලය,රිටිගහවත්ත ප්‍රාථමික විද්‍යාලය එසේ වසා තැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd