
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්ෂිතයෙන් පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් මුක්කම්පන් කොවිකොඩිත්තාවිල් රක්ෂිතය පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් එලිපෙහෙලි කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී රක්ෂිත භූමිය විශාල ප්‍රමාණයක් ඒ වන විටත් එලි පෙහෙලි කරමින් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අලව්ව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු වන අතර ඔහු සමගින් පස්කපන යන්ත්‍රය අඩම්පන් බීට්ටු අඩවි වන නිලධාරී කාර්යාලය වෙතට බර දීමට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපි කෑ ගසන්නේ සියල්ල සිදුවූවිට පසුවයි. එවිට නවතා දැමීමට කිසිවක් ඉතිරිව නැත. සියල්ල සිදුවී හමාරයි.
මොන බොරුද? ඔය ඇමසන් වනාන්තරයේ පින්තුර දෙකක්නේ. අපට ලොක්කා පෙන්නලා දීලා තියෙන්නේ එහෙමයි. පෙනෙන්නේ නැද්ද ගස්වලින්ම.. ඒ බව සක් සුදක් සේ පැහැදිලියි. ලංකාවේ මේවගේ දේවල් වාර්තා වෙන්නේ වැඩේ සිද්ධ වුණාට පස්සේ... කල්තියා අනතුරු අඟවන එකේ කිසි ගතියක් නෑ.