IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මෙන්න කාර් ඉගිල්ලෙනවා !

කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා. මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ සඳහා නිල අනුමැතිය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒත් එසේ කිරීමට නම්, රියැදුරු බලපත්‍රයක් පමණක් නොවෙයි, ගුවන් යානා පියසැරි බලපත්‍රයක් ද තිබිය යුතුයි.

කුඩා අහස් යානාවක් ලෙස පරිවර්තනය වන මෝටර් රථයක්  පසුගිය දා ස්ලොවේකියා රාජ්‍යයේ දී දැඩි අධීක්ෂණය යටතේ  පැවති පියසැරියකට සහභාගී වුණු අතර, එය සාර්ථක බව පැවැසිණි.

පැය 70 කට අධික කාලයක් තිස්සේ දැඩි අධීක්ෂණය යටතේ  සිදුවුණු පියසැරි පරීක්ෂණ වලින් සමත් වී ආරක්‍ෂිත ගුවන් ගමනකට තම සමාගම නිපදවූ පියාඹන කාර් රථය  සුදුසු යැයි  සහතිකයක් ස්ලොවේකියා ගමනා ගමන අධිකාරියෙන් ලැබුණු බව ක්ලයින් විෂන් පවසා ඇත. මෙම සහතිකයත් සමග වාණිජ වෙළඳපොලට පැමිණීමට පියාඹන කාර් රථයට හැකියාව ලැබේ.

(විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (3)

මෙන්න කාර් ඉගිල්ලෙනවා !

සුරලොව ඇල්මන් Sunday, 30 January 2022 09:52 AM

ලංකාවේ දේශපාලුවන් දෙකක්, තුනක් ගනීවි.. මොකද ගෙදර උන්දැලාට හා බොඩිගාඩ්ලාටත් ඕනෑනේ... කොහොමත්. ඔවුන්ට දෙකදෙක යන නිසා එකෙකුට දෙක බැගින් 450යි. පළාත් සභාවලට දාහයි. කුරුල්ලෝ පියාඹනවා වගේ හිටීවි. එයින් ලංකාවේ කුරුලු සම්පත් නැති වේද?

:       0       8

Malika Sunday, 30 January 2022 09:55 AM

කොච්චර ඩොලර් නැති වුණත් පළවෙනි එක ලංකාවට බුක් කරයි. පහුගිය දවසක ආපු අර ජෙට් එකේ අයිතිකරුට මොනවායින් අඩුවක්ද?

:       0       6

rocky Sunday, 30 January 2022 10:22 AM

වාහන අපේ ඇමැතිවරුන්ට ලබාදිය යුතුයි. ඕවා නැතිව තමයි හරියට වැඩ කරගන්න බැරිව හිටියේ...!

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site