(රංජිත් රාජපක්ෂ)
වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියා අද(12) මුදාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් වු ලදු කැලෑවක අටවා තිබු මන්දකට දිවියා අද අලුයම හසු වී සිටියේය.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා මන්දට හසු වී සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේදි ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියේය.
අවුරුදු 6 ක් පමණ වයසැති හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වන මෙම දිවියා උස අඩි දෙකක් සහ දිග අඩි 5 කින් පමණ යුක්ත බව වනජීවි නිලධාරීහු කියා සිටියහ.
ගොදුරු පසුපස රාත්‍රී කාලයේ සැරිසැරූ දිවියාගේ උදරය මන්දට හසු වී තිබු බවත්, මන්ද ඇටවු එම වතු යායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.





ඡායාරූප සහ මුල් පුවත සඳහා පිවිසෙන්න - තවත් කඳුකර දිවියෙක් මන්දකට හසුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව මුදා ගැනීම ගැන ඉතාමත් සතුටට පත්වෙමි. අද දිනයේ ඇසූ සුභාරංචිය අප වෙත ගෙන ආ ලංකාදීපයට ස්තූති වන්ත වෙමි...
මේ වතු ජනතාව ශ්‍රී ලංකාවට ආදරේ නැහැ වගේ...
ටික දවසකට කලින් දැනගන්නට ලැබුණා වනජීවී කණ්ඩායම් ඔය කියන " උගුල් " සොයාගොස් විනාශ කරනවා. එ්ත්.. අදත් බිල්ලක්. වාසනාවට මෙයා නිරුපද්‍රිතයි කියලා මට හිතෙනවා. මේ "නොමිනිසුන්ට" ඒ කියන්නේ " උගුල් අටවන නරුමයින්ට දඬුවම් කළ යුතුයි. විශාල මුදලක දඩයක් හෝ දිගු සිර දඬුවමක්...!!! එ්ත්.. උගුල් ඇටවීම තහනම් කරලා " නීති පනවලා "නම් ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න හැකියි. නීතිගත කරලා නැතිව නිකම් කතාවට පමණක් තහනම් කරලා නම් වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ තවමත් බොහෝ පසුගාමී මට්ටමක තිබෙන රටක්, එයට වගකිව යුත්තෝ " නීති හදන " ආයතනයේ සිටින දේශපාලුවන් නීති සම්මත කරගන්නේ හැම විටකම තමන්ට වාසි වෙන ආකාරයටයි. ඊට රටවැසියත් වගකිව යුතුයි. ඒ අවංක බුද්ධිමත් උගත් සමානාත්මතාව ගරුකරන පුරවැසියන් පමණක් චන්දයෙන් තෝරා පත්කර ගැනීමට ඔවුන් උනන්දු විය යුතුයි.. මේ අහිංසකයින් ගැන කියලා කියලා දැන් අපිට මහන්සිත් එක්ක... එ්ත් එහෙම කියලා බැහැනේ. මේත් ජීවිතයක්. අපි විසින් ආරක්ෂා කළයුතු, අපේ කැලේට, අපේ රටට අයිති, හුස්මගන්න.. අපේම පරණ ඥාතියෙක්..
හෙට කියාවි දිවියා මැරුණා කියලා..
වනජීවී එකට බාර දුන් කොටි ඔක්කොම වගේ මරණයෙන් කෙලවර වුණා. මේ සතාවත් බේරිලා ගියොත් වාසනාවකි...
අනේ අර අසරණ කළු කොටියාවත් මේ වගේ කූඩුවක දාගෙන අරගෙන ගියානම් අදටත් ජිවත් වෙයි.