
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කිසිඳු පරීක්‍ෂණයක් ආරම්භ කර නොමැති බවත් ඒ පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය අද (31) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසුවාය.
විවිධ පාර්ශව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව තොරතුරු එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව කී පියුම් බණ්ඩාර මහත්මිය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද ඉල්ලුම්පත් දෙකක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය පිළිබඳව තොරතුරු ඉල්ලමින් ලැබී ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd