IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට පහර දුන් තිදෙනකු දැලේ

(ඉන්දිකා  රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න, අරුන්දිත  ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවෙස් හා කාර්යාල වලට පහර ඉකුත් මැයි මස 09 දින පහර දී අලාභ හානි සිදුකිරීම, දේපළ කොල්ල කෑම  සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන ඇති බවද  පොලිස් මුලස්ථානය පවසයි.

මොවුන්    කිරිදිවැල,  දංකොටුව යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බවත්,  බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාය, හා දන්කොටුව  පොලිසිය  විසින් ඊයේ  (27) සවස මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත්   පොලිස් මුලස්ථානය පවසයි.

මිලාන් ජයතිලක හා ලසන්න අලගියවන්න යන මහත්වරුන්ගේ  කිරිදිවැල, හා    අරුන්දිත ප්‍රනාන්දු මහතාගේ  දන්කොටුව  යන ප්‍රදේශ වල   නිවාස, කාර්යාල  ඇතුලු දේපළ වලට  පහර දීම, අයුතු ජනරාශිය  යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඉකුත් මැයි මස  09 දින   ගාලුමුදොර හා   අරලියගහ මන්දිරයට ඉදිරිපිට විරෝධතාවේ නිරත  අරගලකරුවන්ට පහර දීමෙන් පසු රටපුරා ඇති වු  ප්‍රචන්ඩක්‍රියා  අතර තුර        පාර්ලිමෙන්තු මැති ඇමැතිවරුන්ගේ   ඇතුලු විශාල පිරිසකගේ  නිවාස , දේපළ වලට  කුපිත වු පිරිසන් විසින් පහර දී විනාශ කර තිබුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.



අදහස් (5)

මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට පහර දුන් තිදෙනකු දැලේ

Bamunuarachchi Sunday, 28 August 2022 02:10 PM

ටිකටික බාගන්න. හැබැයි ඇපදීලා යවනවා නම් අල්ලපු දවසේම අඬු කඩන්න...!

:       8       120

fairoosSunday, 28 August 2022 02:29 PM

අනේ බමුණා... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න. අහිංසක ළමයෙක්ට කාලා ඇඳලා ඉන්න එකවත් නැති කරපු මේ දේශපාලකයින්ව ප්‍රතික්ෂේප කරපල්ලා.. මොවුන් රටට ශාපයක්...

:       46       8

BamunuarachchiMonday, 29 August 2022 08:12 AM

දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන්න ඡන්දෙදී. ගෙවල්වලට පැනලා මංකොල්ල කනඑක, හොරකම් කරනඑක දේශපාලනය නොවෙයි. ගම්මිරිස් හොයන්න මෙහෙ ඇවිල්ලා අපිට දේශපාලකයින් ගැන කියලා දෙන්න එනවා..

:       0       0

darman Sunday, 28 August 2022 03:24 PM

අනිවාර්යයෙන් මංකොල්ලකාලා ගිනිතියපු දේපළවලට හරියන්න මෙයාලගේ දේපළ රාජසන්තක කරන්න. මේ මිනිස්සු අල්ලනවට විරුද්ධව කමෙන්ට් කරන්නේ මේවා කරපු අය තමන්ව අහුවෙයි කියලා බයට... නැත්නම් මේවා කෙරෙව්ව ජේවීපී පෙරටු සෙට් එක...

:       5       49

ගමේ එකාලා Sunday, 28 August 2022 06:37 PM

දූෂිත දේශපාලුවන් ජනතාව ගසාකාලා හම්බකරගත්තුවායින් හදපු නිවාස. ඒවා ගිනිතිබ්බ අයව අල්ලනවා. රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේශපාලුවන්, කටුගෙයි වටිනා පුරාවස්තු හොරාකාපු අයව තමයි තවම අල්ලගන්න බැරි වුණේ...

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 420 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site