තිලිණි ද සිල්වා
විශ්වාස භංගයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම සහ මන්ත්‍රීවරුන් ඇමැති ධුරවල කටයුතු කිරීම වලක්වාලන ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 03 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මෙම පෙත්සමක් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු අද කැඳැවිණි.
පෙත්සම් කාර පාර්ශ්වයෙන් සහ විත්ති පාර්ශ්වයෙන් අද පස්වරු 5.30 පමණ වන තෙක් කරුණු දැක්වීම් සිදු කළ අතර තවදුරටත් කරුණු දැක්වීම ලබන 03 වැනි දා තෙක් කල් තැබීමට අධිකරණ තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සඳුදා වෙනකොට මොනමොන සෙල්ලම් බලන්න හැකිවේ දැයි කියන්නට බැරි තරමට මේ තත්වය අවුල් ජාලයක් බවට පත්ව ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට වාර්තා ගෙනා කිහිප දෙනෙක්ම "30 වෙනිදා පාර්ලිමේන්තු පුස්තකාලයේදී රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මුණ ගැසී කිසියම් දෙයක් පිළිබඳව සාකච්ඡා කරන ලද බව" කියනු අප දුටුවෙමු. මේ පිළිබඳව අන්තර්ජාලයේ තවත් විස්තර වාර්තා වී ඇත. එම වාර්තාවන්හි " අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බවත් එසේ ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් පහකළ යුත්තේ ඔහුව එම ධුරයට පත් කළ ජනාධිපතිවරයා විසින්ම බවත් එහෙයින් ජනාධිපතිවරයා තම කණ්ඩායමේ බහුතර බලය පිළිගෙන මහින්ද රාජපක්ෂ මහතාව ධුරයෙන් පහකරන තුරුම ඒ මහතාට එම තනතුරේ රැඳී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල බවත්" සඳහන්ව ඇත.
මේ වගේ දේවල් කල් දදා ඉන්න එපා. සති අන්තේ හරි අහලා ඉවර කරන්න.