IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය.

කොළඹ මහ නගර සභාව ඇතුළු ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින ආයතනවල බලය ඉදිරියේදී පිහිටුවන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීමෙ උත්සවයේදීය.

මෙම උත්සවය අද පෙරවරුවේ පැවැත්විණ.

 



අදහස් (9)

මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ

Roni Monday, 12 May 2025 01:08 AM

අනේ ඔව්. වැටුප පක්ෂ අරමුදලට යනවා වගේ තමයි.

:       4       29

Rasika Monday, 12 May 2025 02:18 AM

එහෙම නම් කොහොමද ගන්නේ? ඩුබායි ඉඳලා පානි ලවාද?

:       4       26

janahithaFriday, 16 May 2025 03:28 PM

හොරකම් නැතිව අපේ ජනතාව කූරොලු වෙලා. කීයක් හරි දීලා බා ගන්න එතකොට තමා ජනතාව සැලකිල්ලට ගන්නෙ. විශේෂයෙන්ම පොහොට්ටු සිලින්ඩරේ හිත දිනාගන්නේ එහෙමයි හත්වලාමේ

:       15       5

චතුරි Monday, 12 May 2025 06:40 AM

මන්ත්‍රිලා සල්ලි වලට ගන්න තරම්. මොලයක් තියෙන කට්ටිය ඉන්නවද සේරම හොරුනේ...

:       4       13

ravin Monday, 12 May 2025 07:27 AM

සල්ලි හා වරප්‍රසාද වලට මන්ත්‍රීලා ගන්නේ හොරකමේ, වංචාවේ මුල කියන එක හැමෝම දන්නවා.

:       4       6

ගුණරත්න Monday, 12 May 2025 08:01 AM

ෂාහ්, ජාතික ජන බලවේගය වගේම පරාර්ථකාමී මිනිස්සු නේද ඇමැතිතුමා...? ඇහැට කඳුලුත් එනවා, වැටුප් නොගෙන විශ්‍රාම පඩි නොගෙන දිනය පුරා වැඩකරන මිනිස්සුන්ටනේ අපි මේ බනින්නේ, සොරි සර්...!

:       2       24

Kamal Koyrala Monday, 12 May 2025 12:02 PM

5/6 රූල් කරලා ඒක උඩ ඉඳගෙන සීටීම අශ්වයා පැන ගියට පස්සෙ ඉස්තාලේ වාසනවා වගේ වැඩක්.

:       2       14

Perera Tuesday, 13 May 2025 06:36 AM

හීනෙන්වත් අමතක වෙලා මේ අය කාට හරි සල්ලි දුන්නොත් බලන්න පුළුවන් විපක්ෂයේ කට්ටිය රෙදි උස්සන් එන හැටි.

:       20       6

geeth yasantha rajapaksha Friday, 20 June 2025 12:29 PM

සල්ලි වලට ගත්තා නම් ප්‍රශ්නයක් නෑ. සල්ලි ගත්තා වැඩේ ඉවරියි... නමුත් සල්ලි නොගෙන ගහපු ඩීල් එක තමා තවත් භයානක...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site