(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ කරයි.

මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාය.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය යළි සමාලෝචනය කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා(13) පැවැසීය.

මෙම තීරණයෙන් රාජ්‍ය අංශයට පැමිණීමට සිටින තරුණ පරපුරට යම් ගැටලුවක් ඇති වන බව පැවසූ මන්ත්‍රීවරයා කාර්ය සාධනය පදනම් කරගෙන සීමිත පිරිසකට පමණක් 65 දක්වා සිටීමට අවසර ලබාදීම ගැටළුවක් නැති බවද සඳහන් කළේය.

වීරසිංහ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.

රජයේ විශ්‍රාම වයස 65 කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විරෝධය පළ කරයි. (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිය අප්‍රසාදය පළ කරයි. මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාය. රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය යළි සමාලෝචනය කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා(13) පැවැසීය. මෙම තීරණයෙන් රාජ්‍ය අංශයට පැමිණීමට සිටින තරුණ පරපුරට යම් ගැටලුවක් ඇති වන බව පැවසූ මන්ත්‍රීවරයා කාර්ය සාධනය පදනම් කරගෙන සීමිත පිරිසකට පමණක් 65 දක්වා සිටීමට අවසර ලබාදීම ගැටළුවක් නැති බවද සඳහන් කළේය. වීරසිංහ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.