
(සුජිත් හේවාජුලිගේ)
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26සහ 27 දිනවල පැවැත්වීමට නියමිතය. නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත.
මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුනු අතර එයද බොහෝ දුරට ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ.
එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.වරප්‍රසාද සංශෝධනය කිරීමේදී එම කමිටු යෝජනාද සැලකිල්ලට ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
issue එකක් හැටියට ගත්තද, මන්ත්‍රී කෙනෙකුට තම දිස්ත්‍රික්කය තුළත් පාර්ලිමේන්තුව අතරත් තම නිල කාලය තුළදී ගමනාගමනය කිරීම සඳහා සුදුසු වාහනයක් සහ ඉන්ධන දීම වරදක් නැහැ. තීරු බදු පහසුකම නම් අවශ්‍ය නැහැ. මන්ත්‍රී නිල නිවාස ලබා ගන්නේ නම් ඊට ගැලපෙන සේ ඉන්ධන දීමනාව අඩු කිරීම ගැන සැලකිය යුතුවේ. කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් තිබේ නම් තවත් ඉන්ධන අඩු කළ හැකිය. තමා කැමති ප්‍රවාහන මාධ්‍යය තෝරාගෙන ඒ අනුව ඉන්ධන ගාස්තුවක් ගෙවීමත් අදාළ පරිදි ප්‍රවාහන දිමනාවක් ගෙවීමත් ගෙවීමටද හැක...
රජයේ නිලධාරීන්ට දෙන වාහන බලපත්‍රයත් කැන්සල් කරන්න ඕනෑ. රට වැටිලා තියෙන තත්ත්වයට ඒ ගොල්ලෝත් වග කියන්න ඕනෑ..
මින් ඉදිරියට පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් ගන්න වෙන්නේ තොණ්ඩු දාලා. මෙච්චර කල් හොරකරලා මන්ත්‍රී වෙන්න දිව්වේ මේ අහිමි වුණු දේවල් ගන්නනේ...
මීට අමතරව තව ගොඩක් දේවල් කිව්වා. එයිනුත් ප්‍රධානම එකක් තමයි මන්ත්‍රී විශ්‍රාම වැටුප. මේවා සුරංගනා කතා ගොඩට දාන්න එපා. ඔබලාට ඡන්දය දුන්නේ වහල්ලු නොවන බව විතරක් මතක තියාගන්න...
මේ වැඩේට සියලුම මන්ත්‍රීන් කැමැති වෙයිද? මොකද මේ වරප්‍රසාද කපන්නේ මන්ත්‍රීන්ට විතරයි. ඇමැතිවරු ගැන සඳහනක් නෑ.
මේවා අහල දශක හතක පාලනයට ආවඩන බත්කන හරක්ටික පොලවේ පස් කයි.
හීනයක් දකිනවාද කියලා හිතුණා. කොච්චර කාලයක් නම් මිනිස්සු රවට රවටා මුන්දැලා සැප ගත්තාද?
විශ්‍රාම වැටුප්, දියවන්නා කැන්ටිමෙන් පිනට බත්, මුළු පවුලටම මන්ත්‍රී එක්ක රැකියා වගේ දේවලුත් අයින්කළොත් තමයි වැඩිය හොඳ...
මෙතෙක් කල් හිටපු දූෂිත දේශපාලුවෝ කෙරුවේ පවුල් පිටින්ම සියලු වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන රටම හොරාකාලා බන්කොළොත් කරපු එක...
NPP සියලු මන්ත්‍රීවරු ඡන්දෙට කළින් කිව්වා එයාලට මොනවත් ඕනෑ නැහැ කියලා, පාර්ලිමේන්තුවෙන් දැන් ආහාර, වාහන පර්මිට්, නිවාස... ඒක නිසා වියදම් ගොඩක් අඩුකර ගන්න පුළුවන්. අඩුගානේ එයාලා කිව්වා පාර්ලිමේන්තුවෙන් ඇල්වතුර එකක්වත් එපා කියලා.
JVP ආණ්ඩුවක් බව පැහැදිලි වේ. පසුගිය සමයේ මෙන් පත්වූ සියලු දෙනාම ගෙදරින් බත්මුල් රැගෙන පාර්ලිමේන්තුවට එන්න...
කාලෝචිත අරමුණක්...
ඔය වරප්‍රසාද නිසා තාම හොරු තක්කඩි පාර්ලිමේන්තු එන්නේ.. පේනවනේ සිලින්ඩරේ ජාතික ලැයිස්තුවට පොරකන තරමක්... ඔය වරප්‍රසාද කැපුවොත් උගත්, බුද්ධිමත් රටට ආදරේ මිනිස්සුන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන්.
මේවා හොඳ වැඩ. මොන රජය වුණත් හොඳ දෙයක් නම් අගය කරන්න ඕනේ. මන්ත්‍රීවරුට ඇත්තටම පිස්තෝලයක් මොකටද?
හුරේ...!
මෙම යොජනා සම්මත කර නැවත වෙනස් කිරීමට ජනමත විචාරණයක් තිබිය යුතු බව නීතිගත කරන්න. නැත්නම් වැඩක් නැහැ.
හොඳ වැඩක්. පාර්ලිමේන්තුවට එන්න හුඟක් අය දැඟලුවේ වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා ජීවත් වෙන්න මිසක් රටට සේවයක් කරන්න නෙවෙයි. හුඟක් අයට තිබුනේ රථ ගාය...!
පක්ෂ, පාට පැත්තක දමලා අවංකව සිතලා බලන්න..., හොරකම්, වංචා, දූෂණ නැතුව අවංකව මහන්සි වෙලා වැඩකරන මන්ත්‍රී කෙනෙකුට වැටුපක් දීමේ සහ ඔහුට හෝ ඇය ට අදාල EPF /ETF එක ගෙවීමේ වරද කුමක්ද? එහෙම නැතිව එම මනුස්සයා ජීවත්වෙන්නේ හොර පොල් කඩලද? එහෙම නැතිනම් ජොනීලා වගේ ඉස්කාගාර බාර් පර්මිට් වලින් ලැබෙන මුදලින්ද?
ඔය හැමදේම කපන්න... ඒත් ආරක්ෂාව නැති කරගන්න එපා මොකද කොන්ද කෙලින් වැඩ කරගන්න එකයි පතාලේ හැම තැනම