(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය.
තමා ගෙදරින් එළියට බහින අවස්ථාවේදී ඝාතනය කරන බවට පොලිස්පතිවරයා කළුතර පොලිස් ප්‍රධානියකුට යැවූ නිවේදනයක සඳහන් වන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.
ජගත් විතාන මහතා පොලිස්පතිවරයාගේ එම ලිපිය මෙහිදී සභාගත කළේය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ මෙම ප්‍රශ්නය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයාට යොමු කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-
මන්ත්‍රීවරුන්ට අද ආරක්ෂාවක් නැහැ. ඔබතුමාගේ වගකීම මන්ත්‍රීවරුන් රැකගන්න එක. මෙතුමාට ආරක්ෂාව ලබාදෙන්න. ඒ යුතුකම කරන්න. මේක කල් දමන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. ජීවිතයක් අහිමි වුණාට පස්සේ මොන ආරක්ෂාවද. වැලිගම සභාපතිට වෙච්ච දෙයින් අපි පාඩමක් ඉගෙන ගනිමු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් රංගනයක් වගෙයි මට පේන්නේ... මෙතුමාත් IRC කෙනෙක්ද? නැත්තන් පතෝලයාට සම්බන්ධ කෙනෙක්ද? මරනීය තර්ජන එන්න තරම් මරනීය කටයුතු කරපු කෙනෙක්ද? ඒ ගොල්ලන්ටනේ මරනීය තර්ජන තියෙන්නේ. සජබයේ එහෙම කට්ටි ඉන්නවා කියලා අද ඊයෙනේ අපි දැනගත්තේ...
පාතාලයට සම්බන්ධ අයට මරණ තර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මුලු රටේම ජනතාව මරණාධාර අදාල දාපු රටම බංකොලොත් කරපු දේශපාලුවන්ට මරණය මිසක් කිසිම ආරක්ෂාවක් දෙන්න එපා .... අපේ බදුමුදල් වලින්, කාටහරි වුවමනාවක් තියෙනවා නම් සල්ලි ගෙවලා අරගන්න කියන්න.
කව්ද මේ ගැරඩි මරන්නේ
වැරදි කරපු උන් බයවෙලා,ආරක්ෂාවක් ඕනෙම නම් ළාමක ටින් ටින්ට කියලා පුද්ගලික ආරක්ෂකයෝ තියාගන්න එකයි ඇත්තේ?මහජන බදු මුදල් වලින් දූෂිතයන්ව මොකට ආරක්ෂා කරනවද?
පැලවත්තෙ කුලී කරුවන්ට අනුව සල්ලි තියන එකෙක් කප්පම් නොදී ඉදල වෙඩි කෑවත් ඒ මනුස්සයා පාතාලයෙක්
ජගත් විතාන සජබ මන්ත්‍රීතුමාට මෙම තර්ජනයෙන් බේරීමට කළ හැකි වඩාත් සාර්ථකම උපක්‍රමය වන්නේ දේශපාලන කරණමක් ගසා අපගේ පිලට පැමිණ ජාජබ මන්ත්‍රීවරයකු වීමයි.
කුම්බලා කාපු බළල්ලු වගේ දැන් විපක්ෂෙ අය. ඒ තරමටම හොඳ වැඩ කරල තියෙනව වගේ.
පොලී මුදලාලිලාට NPP යේ ඉඩ නැත... සමහර විට පොහොට්ටුව කැමැති වෙයි.
IRC කාරයන්ට නාමයෝජනා දීලා ඊළඟට කියනවා ඔවුන්ට පොලිස් ආරක්ෂාව දෙන්නලු. මෙයාගේ අයිආර්සී නොම්මරය කුමක්ද කියලා පරීක්ෂා කරලා ඉන්න ඔක්කෝටම කලින්... හැබැයි දැනට පේන්නේ නම් මෙන්ටලයක් වගේ...
මතකයේ හැටියට අර දුවගෙන් එක්ලස් කරපු ජීප් එක ගත්තේ මොවුන්ගේ පුත්‍ර රත්නය නේද? කරුණු එසේ නම් පිටස්තර සිට අත වනන හෙවනැලි... පාඨක ඔබට බාරයි.
මරණ තර්ජන එන්න නම් කාටහරි, මොකක් හරි කුපාඩි වැඩක් කරලා තියෙන්න ඕනෑ. එහෙම නැතිව කිසිම කෙනෙක් කාවවත් මරන්න උත්සාහ කරන්නේ නෑ.
ලාමක ටින්ටින්. මීහරකෝ මාලිමා ආන්ඩුවට මේ වගේ කුඩු ගොබ්බයෝ ආරක්ෂා කරන්න. මොකටද ඔබට අසරණ දරුවෝ කුඩු ගහලා දුක් විදිනවා පේන්නේ නැත්ද? ඔබලා හොදට ආරක්ෂාව දුන්නු නිසානේ මේ තරම් ජයට ගොබ්බයෝ පතාලෙත් එක්ක කුඩු ඇද්දේ. එකෙකුට ආරක්ශාව දෙන්න එපා. උබලා රට වැඩියට කරපු අපරාධවලට තමන්ගේ වියදමින් අරාක්ශාව දා ගනින්... මුන්ට කුඩු බිස්න්ස් කරන්න රටේ මිනිසුන්ගේ මුදලින් අරාක්ශාව දෙන්න. ලාමක ටින්ටින්ට පුලුවන්නේ කට්ටියව ගෙදර අරන් යන්න. ලැජ්ජාවක් නැතිව කුඩ්ඩන්ට. කඩේ යනවා...