( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )
ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගල කරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වන දා දිවයින පුරා පැවති කලහකාරී තත්වය පසුබිමේදී නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ගමන් ගත් මෝටර් රථය නිට්ටඹුව නගරයෙදී නවතා නගරයට එක්ව සිටි ආණ්ඩු විරෝධී ජනතාව විසින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ රියෙන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් අනතුරුව විරෝදතා කරුවන් විසින් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කර තිබුණි.
මන්ත්‍රීවරයා විසින් වෙඩි තැබීමෙන් පසුව ආරක්ෂකයා ද සමග මෝටර් රථයෙන් බැස ප්‍රසිද්ධ වෙළඳ සැලක් වෙත දිව ගිය අවස්ථාවේ ඔවුන් පසුපස හඹා ගිය විරෝධතාකරුවන් එම වෙළඳ සැලේ තුන්වන මහලේ දී මෙලෙස මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා පහරද වෙඩ්තබා ඝාත නය කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම ඝාතනය සිදු වූ ස්ථානයේ වෙළඳ සැලේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් සහ ලබාගත් සාක්ෂි මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාර්ගයෙන් අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්ත්‍රී ඝාතන සිද්ධියට දෙකක් සැකපිට
MDI fernando Sunday, 15 May 2022 05:07 PM
මොන නිර්පාක්ෂිකද? නිර්පාක්ෂික කියන්නේම පාර්ෂිකත්වය වහන්න දාගත්තු වෙස් මුහුණක්. මහ ලොකුවට නිර්පාර්ෂික කියලා ලියනවා.. දැන් ඔය නිර්පාර්ෂික කියූ පාර්ෂිකයින් මැරිලලුද? බරපතල තුවාලලුද?