
(විමුක්ති එස්. රුද්‍රිගු)
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට සාපරාධී බලහත්කාර පෑම ඇතුළු චෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාමනාදන් අර්චුනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
අනතුරු සහිත ස්ථානයක මෝටර් රථය නතර කිරීම ඔහුට එරෙහි අනෙක් චෝදනාව විය. එම චෝදානාවට ඔහු අධිකරණයේදී වරද පිළිගත්තේය. අනෙක් චෝදනාවට ඉදියේදී චෝදනා ගොනු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි. පාඩම් ඉගෙන ගන්නේ නැති බව පෙනීයන්නේ නම් දියවන්නාවෙන් එගොඩට දැමිය යුතුයි.
වැරැදි පිළිගත්තාට වැඩක් නෑ. එකේ දඩය අයකරගන්න.