(සුජිත් හේවාජුලිගේ )

ඩබ්ලිව් එම් මෙන්ඩිස්  සහ රන්දෙණිගල යන  මත්පැන් නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම සමාගම්වල නිෂ්පාදන කටයුතු මෙලෙස තාවකාලිකව  අත්හිටවූ බව සුරාබදු කොමසාරිස්  ජනරාල්( නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් එම  සමාගම්වලට දැනට නිෂ්පාදනය කර ඇති මත්පැන්   බෙදාහැරීම් කටයුතු කළ හැකි බවද ඔහු  ප්‍රකාශ කළේය.