
(යොහාන් භාසුර)
පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇති බව එහි වෙළෙන්දෝ පවසති.
එළවළු මිල පෙර දිනයන්ට සාපේක්ෂව පහත වැටුණ ද සිල්ලර වෙළෙන්දන්ගේ පැමිණිම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩකින් පමණ අඩුවීමෙන් එළවළු විකුණා ගැනීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි පෑලියගොඩ මැනිං වෙළෙඳපොල පොදු සේවක සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දන් පවසන්නේ එළවළු මිල ඉහළ ගොස් තිබීම නිසා සිල්ලර වෙළොන්දන් දැඩි අපහසුතාවට පත් වූ බවයි.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොල දින තුනකට පසුව ඊයේ (12) යළි විවෘත කළේය.


(ඡායාරූප ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂ්කර පළාත්වල විකුණගන්න බැරුව ඉන්නවා... මෙහෙ ගිනි ගණන්... රජයක් මොකටද ඇත්තට?
මේ යාන්ත්‍රනය හදනාතුරු ගොවියාගෙන් සහ පාරිභෝගිකයාගෙන් රජය දොස් ඇසීමට සිදු වනු ඇත. මෙය කළ නොහැක්කක් නොවේ. අසමත්වීම යනු කළ නොහැකි වීමයි.
වහල්ලුනම් කියයි සජිත්ට වඩා හොඳයි කියලා..
අපේ සර්ට පුළුවන් මේවා ඔක්කොම විසඳන්න. දැනටමත් කරලා තියෙන හරිය පේනවනේ..
නිසි කළමනාකරණයක් නැතිකම.. සමහර පළාත්වල එළවළු විකුණගන්න බැරුව කුණු වෙනවා.
එළවලු සහ පලතුරු ගොවියා රැකීමටත් පාරිභෝගිකයාට සාධාරණ මිලට බඩු ලබා දෙන්නත් බෙදාහැරීමේ යාන්ත්‍රණයක් හැදීමට නොහැක්කේ ආණ්ඩුවේ වැරැදි කළමනාකරණය නිසායි... කොටසකට එක විදිහකටත් තවත් කොටසකට තව විදිහකටත් සැලකීම, මන්ත්රීලාට සැප වාහන ගෙන්වා ගැනීම, අතපසු වීමක් හෝ වැරැද්දක් හෝ නිහතමානීව පිළිගෙන නිවැරදි නොකිරීම, මෙතරම් ආර්ථික අපහසුකම් තිබියදී ලඟකදී ප්‍රතිඵල නොලැබෙන මහා පරිමාන ව්‍යාපෘති පටන් ගැනීම වැනි දෑ නිසා විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවකයින් සිටියත් ඔවුන් මෙවැනි යහපත් දේවල්වලට සාර්ථකව යෙදවීමට නොහැකි වී ඇත...