
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිනී මැරුම් ,කොල්ලකෑම්,ජාතික දේපල විනාශ කිරීම් ආදියට ජාත්‍යන්තර කුසලාන ලබපු කණ්ඩායම් අද සජබට ඇඟිලි දිගු කිරීම ගැන කණගාටු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"අද රටේ නීතිය හා සාමය දෙස බැලූ විට බරපතල බිඳ වැටීමක් තිබෙන මොහොතක්.අධිකරණ සහ බන්ධනාගාර පද්ධතිය බරපතල කඩා වැටීමකට ලක් වූ මොහොතක විවිධ චෝදනා කරමින් රජය අපට ඇඟිලි දිගු කරනවා.මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ,කප්පම් ආදිය සහ මුලින්ම බැහැර කළ ව්‍යාපාරයක් ලෙස සමගි ජන බලවේගය හඳුන්වා දිය හැකියි.මිනී මැරුම් ,කොල්ලකෑම්,ජාතික දේපල විනාශ කිරීම් ආදියට ජාත්‍යන්තර කුසලාන ලබපු කණ්ඩායම් අද අපට ඇඟිලි දිගු කිරීම ගැන කණගාටුයි.රජයේ අකාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ මුවින් ම කරුණු පිටවෙන ආකාරය අප දුටුවා.
ආණ්ඩුවට පශ්චාත් දිට්වා සමය කළමනාකරණය කරගන්නත් බැහැ. ආර්ථිකය කළමනාකර ගන්නත් බැහැ.ඩෙංගු මර්දනයත් අසමත්.දැන් බන්ධනාගාරය පාලනය කරගන්නත් බැරිවෙලා.එහෙව් කණ්ඩායමක් පොහොසත් රටක් -ලස්සන ජීවිතයක් හදනවලු.අධිකරණ ඇමතිවරයා ඇතුළු රජය හොයලා බැලුවේ බන්ධනාගාර වල තිබෙන පීඩනය ගැන නෙමෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම පිළිබඳවයි.අදටත් එම අධිකරණ වල විනිසුරුවරුන් පත් කිරීම රජය ප්‍රතික්ෂේප කරනවා.එසේ කරමින් රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන අලුත් සිස්ටම් එකක් ගැන කතා කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්
තාත්තා තමයි සම්මාන දෙන විනිශ්චය මණ්ඩලේ හිටියෙ. උපරිම දක්ෂතාවය පෙන්නපු අයව තමයි ජජ් බෝඩ් එකට ගත්තේ.
එතකොට ඔයාගේ තාත්තා මොන වගේ චරිතයක් කියලා රටේ කවුරුත් දන්නවාද, සහ ඔහුට වෙච්ච දේ ගැනත් දන්නවා
ඔය පක්ෂය නම් වෙනස් කලාට UNPම තමයි ජනතාව රවටමින් පක්ෂ දෙකක් හදාගෙන චංදය මංකොල්ල කනවා,, බණ්ඩාරනායක JR ඒ දෙන්නත් කලෙ ඔය දෙයමයි,,, ජනතාවට තෙරුන් ගන්න අවුරුදු 76ක් ගියා,,,ඔය පක්ෂ දෙක එකතු වෙලා බෞද්ධයන් 65000ක් අමු අමුවේ සමූලඝාතනය කලා,, හරියට ගනන් හදලා බැලුවොත් හිතාගන්න බැරි වෙයි මරපු ප්‍රමාණය.
මම ඊයේ රෑ දැක්කනේ මහා පුදුම හීන තුනක්. එක හීනෙක මම දැක්කා කවුදෝ හරක් කටා කියල කෙනෙකුගෙන් ලක්ෂ 1200 ක අල්ලසක් ඉල්ලන සමඟි ජන බලවේගය කියල කියන සමාගමක ජැන්ඩි පහට ඇඳගත්තු මනුස්සයෙක්. අනිත් හීනෙ ඔයිටත් වැඩිය පුදුම එකක්. එකේ සමඟි ජන බලවේගය කියල කියපු සමාගමක කෙනෙක් හරක් කටා කියල මනුස්සයෙකුගේ බිරිඳට හිටපු ඇමති කෙනෙකුගේ ගෙදරකදී රුපියල් ලක්ෂ 200 ක් දෙන්න යන කතාවක්. තුන්වෙනි හීනේ දැක්කේ හිරේ විලංගුවේ වැටිල ඉන්න පාතාලයට සම්බන්ධ කට්ටියකට සමඟි ජන බලවේගය කියල කියන සමාගමක ප්‍රභලයෙක් දුරකථන ඇමතුම් 84 ක් දුන්න කතාවක්. මේවා දැකල බයඋන තරම කියනවානම් මට ඇහැරුනේ ඉහින් කටින් දාඩිය දමාගෙනයි. මට හිතා ගන්න බැරි ඔය කියන සමාගම පාතාලයේම කොටසක්වත්ද කියල කියන එකයි.
අර්බුදයේ නායකයා