(අජිත්ලාල් ශාන්තඋදය)
මධූෂ් නැමැත්තාගේ ගෝලයෙකු බව කියන 29 හැවිරිදි රංග නැමැති පුද්ගලයෙකු , ඔහුගේ 38 හැවිරිදි අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙක් ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා ගංජා සමඟ රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය කියයි.
හෙයින්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි මෙම රංග නැමැත්තා අපරාධ නඩු පහක් සම්බන්‍ධයෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවේය.
එම තැනැත්තා රත්නපුර ගොලුවාවිල ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අනියම් බිරිඳ සමඟ වාසය කරන බවට විමර්ශනවලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවගේ දියණිය සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සන්තකයේ තිබී ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 02ක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ මහත්තයෝ . ඔයමිනිස්සුන්ට දඬුවම් දීලා සමාජය බේරගන්න නීති නෑ අපේ රටේ
ඔය මදුෂ් කියන කෙනාව අල්ලගන්න ජාත්‍යන්තර පොලිසියේ සහය ගන්න ලංකාවේ ආණ්ඩුවට බාලගිරී දොසේද