
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස පිහිටා තිබෙන නිවාස සංකීර්ණයේ ප්‍රධාන දොරටුවට ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාව සඳහා යෙදවූ බව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඇතුළුවීමට සහ පිටවීමට තිබෙන ප්‍රධාන දොරටුවට ආරක්ෂාවට ද අමතරව එම සංකීර්ණයට ඇතුල්වෙන සහ පිටවෙන පුද්ගලයන්ගේ තොරතුරු සටහන් කිරීම සඳහා ලේඛනයක් ද යොදා ඇතැයි එම නිලධාරියා කීය
ඉකුත් 14 වෙනි දින අලුයම් කාලයේ වාහනයකින් පැමිණ තිබූ සිව්දෙනකු යුත් කණ්ඩායමක පුද්ගලයක් තිදෙනෙක් මාධ්‍යවේදී චමුදිත මහතාගේ නිවස ඉදිරිපිටට ගොස් නිවසට ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබිණි
එම සිද්ධියෙන් අනතුරුව චමුදිත මහතා විසින් තමාට ඇතුලු පවුලේ අයට ආරක්ෂාව සපයන ලෙස මහජන ආරක්ෂාව භාර අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර , පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කළද එයට යහපත් ප්‍රතිචාරයක් නොවිම හේතුවෙන් චමුදිත මහතා ඉකුත් සිකුරාදා (18) තමන්ට අසා පවුලේ අයට ප්‍රමාණවත් ආරක්ෂාව සපයන ලෙස වින්දිතයන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට නියෝග කරන ලෙස කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයකින් පසු මෙම ආරක්ෂාව සපයා ඇත.
චමුදිත මහතාගේ නිවසට ප්‍රහාර එල්ල වී අදට දින නවයකි .කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත .
සැකකරුවන් පැමිණි බව කියන වාහනයේ ලියාපදිංචි අංකය සොයා ගැනීම සඳහා හඳුනාගත හැකි යැයි හඳුනාගත හැකි යැයි සැක කළ හැකි ස්ථාන 26ක දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය අංශ වෙත යොමු කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd