(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාධ්‍ය වෘත්තීයට පිවිසෙන අය සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ලබන මැයි මාසය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මාධ්‍යවේදීන්ට වෘත්තීය පුහුණුවක් ලබන ආයතනයක් නොමැති වීම ඓතිහාසික වරදක් හෙයින් ඒ වරද නිවැරදි කරන්නට කටයුතු කරන බවද අලහප්පෙරුම මහතා කීය.
"මාධ්‍ය වෘත්තීයට කියන්නේ හතරවන ආණ්ඩුව කියලයි.නමුත් වෘත්තීය භාවය සහිත මාධ්‍යවේදියා නිර්මාණය කරන්නට අප සමත් වී නැහැ.ලබන මැයි මාසය වන විට වරලත් අධ්‍යාපන ආයතනයේ කටයුතු අරඹන්නට හැකිවෙිවි.
කර්තෘවරුන්ගේ සංසදය ආදියත් මෙහෙයුම් කමිටුව ලෙස තබාගෙන මේ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වනවා.මාධ්‍යවේදී රක්ෂණයක් ගැන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවසා තිබෙනවා.අප ඒ වෙනුවෙන් ද උත්සාහ කරනවා.සෑම පාසලකම මාධ්‍ය සමාජයක් අරඹන්නට කටයුතු කරනවා.ලබන වසරේ සිට ජනාධිපති මාධ්‍යවේදී සම්මාන උළෙල අැරඹීමට ද කටයුතු කර තිබෙනවා"
මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා:-(පොපෙ) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම, මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙසේ මෙවන් දේ සිදුකිරීමට කටයුතු කිරීම ප්‍රශංසා කළයුතු කාර්යයක්. ෆෝත් ස්ටේට් හෙවත් සිව්වැනි ආණ්ඩුවේ කටයුතු කරන ඇත්තන් මනා විනයකින් හා ශික්ෂණයකින් හෙබි අගනා පිරිසක් වීම යුගයේ අවශ්‍යතාවක්. ඒත්, රජයක් ලෙස මේ මාර්ගයෙන් පටු අරමුණු ඉටුකර ගැනීමට වෙර දරන්නේ නැතිව, මධ්‍යස්ථ විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.
මාධ්‍ය කරු විසින් ස්වාධින සහ තුලනාත්මක බව රකිමින් කටයුතු කල බව අත්‍යවශ්‍ය කියලත් උගන්වන්න සහ ඒ සඳහා රජයෙන්ද උදව් කරන්න.