(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමගාමීව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිප තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇල්වල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇත.
ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල විවෘත කර තිබු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති අතර විමසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමිම නතර වී ඇත.
ඩෙවොන් ඇළ පිටාර ගැලිම නිසා කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක පිහිටි නිවාස 20 ක් පමණ ඊයේ (13) ජලයෙන් යට වී තිබු අතර අද අලුයම වන විට පහත් බිම් ජලය බැස යාම හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් නැවත තම නිවාස වලට පැමිණ ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මධ්‍යම කඳුකරයේ වැසිබර තත්වය පහව යයි
Raveendra Wednesday, 14 August 2019 05:12 AM
දශක 2කට කලින් අපගේ පියවි ඇසට දක්නට ලැබුණු ඒ සුන්දර දිය ඇලි දෙක "එලෙසින්ම" අද දින ඡායාරූප මගින් දැකීමට ලැබීම පිළිබඳව අප ලංකාදීපයට ස්තුතිවන්ත වෙන්නෙමු. මේ අපේ ලක්මවගේ මිලකළ නොහැකි සුන්දරත්වයයි. එය වැනසීමට දේශපාලකයන් නැමැති අම්බරුවන් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන් සැමවිටම ක්‍රියා කිරීම අවාසනාවකි.