
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින්ට ලබාදීම සඳහා ගෙන යමින් තිබූ කසිප්පු බෝතල් 45 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
පෙරේදා 19 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඹුලන්වල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි පුද්ගලයෙකි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරින්ට ලත් තොරතුරක් මත මෙම වැටලීම කරණ ලද්දේ ගනේගොඩ ප්‍රදේශයේදීය.
සැකකරු හිරුවල ප්‍රදේශයේ යතුරුපැදි විකුණුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එහි ඇති යතුරුපැදි උපයෝගී කරගනිමින් වරින්වර මෙසේ මත්පැන් ප්‍රවාහනය කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත
මෙසේ මහා පරිමාණයෙන් මත්පැන් නිෂ්පාදනය කර බෙදාහරින සැකකරු අනියම් බිරියන් තිදෙනකු ඇසුරු කරන බවටත් ඔවුන් සඳහා සුඛෝපභෝගී නිවාස තනා දී ඇති බවත් හෙළි වූ බව ද බවද පොලිසිය සඳහන් කරයි
සැකකරුට දුරකථන ඇමතුමක් ලත් සැණින් ඔහුගේ ජංගම වෙළඳාම සිදු කර ඇතැයිද හෙලි කර ගෙන ඇති පොලිසිය ඔහුගේ නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු චීන ජාතිකයන් වෙත බව ද හෙළි වී ඇත .
පල්ලෙ වෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයුම යටතේ උප පොලිස් පරීක්ෂක කරුණාතිලක පොලිස්්සැ රයන් ප්‍රදීප් පොලිස් කොස්තාපල් දංග ල්ල යන නිලධාරීන් මෙම වැටලීම කළ හ . සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඩොලර් උත්පාදනය කරන ව්‍යාපාර ... ඔවුන්ට කරදර කරන්න එපා
චීනුන් හරහා අපිට ආදායම් ගලා එන බව මේ ආණ්ඩුව කිව්වොත් පුදුම වන්න බැහැ.
ආණ්ඩුවේ ඇමතිවරුම ඉස්කාගාර පවත්වාගෙන යන රටක සාමාන්‍ය මිනිස්සු කසිප්පු පෙරන විකුණන එක වරදක් නැත. වවවන්න පොහොර රසායනික ද්‍රව්‍ය නැති එකේ ජීවත්වෙන්න ඒ අයත් මොනව හරි කරන්න ඕන.
මේවා අල්ලන්න එපා. චිනුන්ගෙන් සල්ලි ටිකක් ගන්න පුළුවන් මේකෙන් විතරයි. වැඩ කරන චිනුන්ට කෑම හදන්නෙත් චීන්නු. ඒවගේ සල්ලිත් චිනේටම. ණයට දෙන ගැන ඔක්කොම ආපහු චීනෙට අදිනවා. පස්සේ ණයත් ගෙවන්න ඕනේ.
අයියෝ මෙහෙම මෝඩ පොලිස් කාරයො .චීන්නුන්ට කසිප්පු පොවල පුරුදු කලාම උනුන් බීලම නහිනවා පරංගි හරි මොක්කු හරි සිංහලයින්ට බොන්න පුරුදු කරල රරටම විනාශ වෙනවා චීනයත් එහෙම වුනොත් ?
චීන යුවාන් රට ඇතුලට ඇවිත් ආර්ථිකේ දියුණු වෙන බව සර් දැනගෙන ඉන්න ඇති
කසිප්පු බීලා චීන්නු හදන පාර නයා යනවා වගේ තියෙයිද ?
චීන්නුන්ට කසිප්පු පුරුදු කළා නම්, මහා පරිමාණයෙන් අපනයනය කරන්න තිබුණා. කසිප්පු පෙරන්න බලපත්‍ර දීලා ප්‍රමිතියට. ලංකාවත් ගොඩ...
චීනේ නම් ඕන කුණු ගොඩක් විදේශිකයන්ට විකුණලා සල්ලි උපයාගන්නවා.