(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල අතර කොටස මේ මාසයේදී විවෘත කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවැසීය.
සම්පූර්ණ මධ්‍යම අධිවේගී මාර්ගය අවුරුදු දෙකක් ඇතුළත සාදා නිම කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල මහතා මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
යහපාලන ආණ්ඩුව මෙම අධිවේගී මාර්ගය මාර්ගය සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ලබා දුන් පිළිවෙල ගැන තමා රටට හෙළි කිරීමට සූදානම් බවත් ඒ සඳහා විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මාර්ගයේ එක කිලෝමීටරයකට එදා ලක්ෂ දහදාහක් වැඩියෙන් ලබා දුන් බව පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කරපු හොරකම්වලට තමුන්නාන්සේලා රෙදි ඇදගෙන පාර්ලිමේන්තු පැමිණෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
යහපාලන ආණ්ඩුව කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදිකිරීම අවුරුදු පහක් තිස්සේ පටන් නොගත් බවත් මෙයාලා අධිවේගී මාර්ගය හැදුවේ මුලත් නැති අගත් නැති ආකාරයට බවත් හෙතෙම පැවසුවේය.
මෙම අධිවේගී මාර්ගයට මුල්ගල තැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බව පැවසූ ඇමැතිවරයා මාර්ගයට අදාළව වංචා දූෂණ කළ අය අද සිටිය යුත්තේ හිරගෙවල්වල බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉන්ධන නොමැති නිසා ඔබට තනිවම පාරේ ගමන් කළ හැකිය. ගොන් හරකා
කයිවාරු ගහන්නේ නැතුව හොරු අල්ලලා හිරේ දාලා පෙන්වන්න
බූරුවෙක් ඔබ අමතයි වගේ දෙයක් හිතෙන්නේ මට විතරද ?
දෙකක් දාගත්තාම මෙයාගේ කට හරිම සැරයි..
මෙයා හරියට කියන්නේ මෙයාගේ සල්ලිවලින් හදලා වගේ.
මීරිගමට යනකල් යන්නේ පයින්ද?
තමුන් වැඩකාරයා. කයිවාරු පප්පෙක්. පාර හැදුවේ සප්ලයිවලින් වගෙයි කථාව....