(සුජිත් හේවාජුලිගේ )
සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක සෑහෙන කාලකට කලින් වෙන්න තිබුනු දෙයක්. අද මාධ්‍ය වලට ලැබිල තියෙන වල් බූරු නිදහස නිසා මිනිස්සු මවාගත් ලෝකෙක ජීවත් වෙන්නේ.
අපි මේවයේ දාන කොමොන්ටුත් නිසි බලධාරීන්ට යටවෙන පොටක් මේක.
හොඳ වැඩක්. සියලු සමාජ මාධ්‍ය නියාමනය කල යුතුයි. දැන් ඉන්න යූ ටියුබ් කාරයෝ හරියට නිකන් වලං කඩේට පැන්න ගොන්නු වගේ.
ප්‍රථමයෙන්ම,මේ රට බංකොලොත් කළ අය අල්ලා ගැනීමට කටයුතු කරන්න.දේශපාලකයන් හොරකම් කරලා,අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා,පරම්පරා හතකට හම්බකරලා රට වැට්ටුවාම රටේ ජනතාවට කියන්නේ වගේ වගක් නැතිව ඉන්න කියාලාද? සමාජ ජාල වලට නිදහස අවශ්‍ය යි.ඒත් වල් බූරු නිදහස අවශ්‍ය නැහැ.ඒත්,ඒවාට පමණක් වැට බැඳලා වැඩක් නැහැ.දේශපාලකයන් සිදුකළ හොරකම් වලට දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.ඔවුන්ගේ සියලු දේපළ ගැන ඒවා ඉපැයූ ආකාරය ගැන නිරතුරුවම සත්‍ය හෙළිකර ගත යුතුයි.දේශපාලකයන් ගෙන් රටට,රටේ සම්පත් වලට වන හානි නවතා ගත යුතුයි.දේශපාලකයන් අවංක වන විට රටේ ජනතාව ඉබේම සන්සුන් වෙනු ඇත.අවශ්‍ය වනුයේ දේශපාලකයන් හොඳින් රට පාලනය කිරීමයි.
ත්‍රස්ත පනතත් එක්ක මේකත් දාන්න. වඩා හොඳයි සියලුම මාධ්‍ය තහනම් කරලා රට පුරා හදිසි නීතිය දාල හමුදාව දාන්න. කතා කිරීම සම්පුර්ණ තහනම් කරන්න.
ලංකාව කියන්නේ ඔක්කොම කණපිට වෙන රටක් ,හොරකන් කරලා ,කොමිස් ගහල රටක් බංකොලොත් කරපු රට කරන තැන ඉන්න ලොකු හොරු ටික කිසිම වරදක් පිළිගන්නේ නැතිව . දඩුවමක් විදින්නේ නැතිව .තවත් ලජ්ජා නැතිව එල්ලිගෙන ඉඳගෙන දවසෙන් දවස රට තවත් වලපල්ලට යවන ගමන් එක එක නීති ගෙනත් උන්ගේ හොරකන් එළිකරන උන්ව කොටු කරන්න මාන බලනවා .
අන්තිමට මුන් මුත්‍රා කරන එකටත් පනත් ගෙනෙයි ද දන්නේ නෑ. ඒ නිදහසත් ඉවර කරන්න. එහෙම උන් ටිකක් මේ ඉන්නේ.
ජාත්‍යන්තර ප්‍රමිතිනට අනුකුලව සිදුවිය යුතු දෙයක්, එසේ නොවුනහොත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම මත අනවශ්‍ය ගැටළු මතුවිය හැකිය
උඹත් හරි පව් බං.