නාලක සංජීව දහනායක
මුදලට පක්‍ෂ මාරුකළ බවට තමන්ට චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව වැවිලිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අද (6) පැවසීය.
තමන් කිසිදිනක මුදලට පක්‍ෂ මාරුනොකළ බවත් වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳීම සඳහා නව රජයේ අමාත්‍යධූරයක් බාරගැනීමට තීරණය කළ බවත් ඔහු කීය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘මම සල්ලි අරගෙන පැති මාරුකළේ නැහැ. මම සල්ලිවලට පිල් මාරු කළා කියලා චෝදනා කරන අයට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. මම මේ රටට ආදරෙයි. කවුරු මොනව කිවුවත් බදුල්ලේ ජනතාව මම ගැන දන්නවා.
අවුරුදු 200ක් වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙහෙසුනා. නමුත් ඒ අයට වුණ සෙතක් නැහැ. නමුත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න කම්කරු ජනතාව කවදාවත් අයුධ අතට ගත්තේ නැහැ. වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්නය හා උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න එකිනෙකට වෙනස්. අපේ ජනතාවට තිබෙන්නේ ඒ අයගේ ශ‍්‍රමයට සරිලන වැටුපක් නොලැබීම, යටිතල පහසුකම් වැඩි දියුණු නොවීම වගේ ප‍්‍රශ්න. ඒවා විසඳන්න ඕන. වතුජනතාවට සේවයක් කරන්න මම මේ ඇමතිකම ගත්තා.
මම අවුරුදු තුනහමාරක් මේ ආණ්ඩුවේ හිටියා. කිසිම වැඩක් නොකර මම නිකම්ම කාලකන්ණි වුණා. පහුගිය ආණ්ඩුවේ තිබුනේ කතන්දර විතරයි. කරපු කිසිම වැඩක් නැහැ. වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්න ගැන මම පාර්ලිමේන්තුවේ කතාකළා. නමුත් වැඩක් වුනේ නැහැ. වතුකරයේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න මන්ත‍්‍රී කෙනෙක් විදයට ඉඳලා බැහැ. ඒ ප‍්‍රශ්න විසඳන්න ඇමතිකමක් තිබිය යුතුයි. ‘‘
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි කොහොමවත් වෙන්න බෑ.
මම කොයි කනෙන් අහලා කොයි කනෙන් පිට කරන්නද?
අපි බලාගෙන ඉන්නවා
එයාලා කියනවා අපි අහනවා ...
ගහ දන්නා අපිට කොළ කඩාපානවා !!
ඌවට එජාප කරපු දෙයක් නෑ. ගොවියෝ කම්කරුවෝ ගැන මොනාද කලේ
මොකටද පසුවට කල් දාන්නේ? පුලුවන්නම් හැකි ඉක්මනින් ඒ අයට නඩු දමා ඔවුන් වැරදි බව රටට පෙන්වන්න. අනේ රටකට ගිය කල.
මේ සියලු ගැටළු වලට ඇති ඉතාමත්ම යෝග්‍ය විසඳුම මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයින්ට මුදලට/පගාවට පක්ෂය මාරු කිරීමේ හැකියාව ව්‍යවස්තානුකුලව ඉවත් කිරීමයි. අප යලිත් කලින් තිබු අන්දමට බ්‍රිතාන්‍ය ක්‍රමයට පාර්ලිමේන්තු සම්ප්රදාය සකස් කර ගත යුතුය. මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයට නොව තමා නියෝජනය කරන කොට්ඨාසයට සීමා විය යුතුය. පක්ෂය මාරුකළහොත් අසුන අහිමිවන ලෙසට ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුය. අතීතයේදී මේ ක්‍රමය අප රටේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. එමගින් නිවැරදි මහජන මතය පාර්ලිමේන්තුව තුල නියෝජනය විය. මෑතදී සිදුකල ව්‍යවස්ථා සංශෝධන නිසා අද විකාරරූපී පාර්ලිමේන්තුවක් බිහිවී ඇත. කලයුතු පිළියම කවුරුත් දනිති. එහෙත් කිසිම දේශපාලුවෙක් ඊට කැමති නැත. අපි මීට කුමක් කරමුද...? මේ ගැන විශාරදයින්ගේ අදහස් අගය කරමි.