(විමුක්ති එස් රුද්‍රිගු)

සාර්ව ආර්ථික තත්ත්වයන් සහ ඉදිරියේ බලාපොරොත්තුවන වර්ධනයන් මෙන්ම සාර්ව ආර්ථිකයේ සිදුවිය හැකි වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (05) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 මට්ටමේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 මට්ටමේත් නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.