(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සහ අනිකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් අධිකරණයට පොරොන්දු පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇතැයි මැතිවරණ කොමිසම මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම මෝසම ගොනුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් ගොනුකර ඇති නඩුකරයටය.
එම නඩුකරයේ වග උත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. නීතිඥ යොහාන් පීරිස් මහතාගේ මෝසමේ මෙසේද සඳහන් වේ.
පසුගිය ජනවාරි මස 17 සහ පෙබරවාරි 10 යන දිනයන්හි පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.මැතිවරණ කොමිසමට ලැබුණු ප්‍රතිපාදන අනුව මැතිවරණ කටයුතු පැවැත්වීමට සියලු කටයුතු සිදු කෙරිණ,
එහෙත් අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපාදන නොමැති බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට මැතිවරණය පැවැත්විය යුතුය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවට දැනුම් දී ඇත. තවද ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නොමැති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරිය දැනුම් දී ඇත. මීට පෙර මැතිවරණවලදී මෙවැනි පටිපාටියක් සිදුවී නොමැත.
මැතිවරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් පෙර මැතිවරණවල පරිදි තමන්ට ලැබී නොමැති බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.මැතිවරණ කොමිසමෙහි වාහන වලට අවශ්‍ය ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් එය ලැබුනේ නැත.මැතිවරණ කොමිසමේ ස්ථාවරය වන්නේ නීතියට අනුව මැතිවරණය පැවැත්විය යුතු බවයි.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ අනිකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් අධිකරණයට දුන් පොරොන්දුව පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි මැතිවරණ කොමිසම කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් ප්‍රතිපාදන සහ පහසුකම් නෑ
Bamunuarachchi. Monday, 20 February 2023 09:51 PM
මුදල් හා ප්‍රතිපාදන නැතිනම් ඒක ඔබේ ප්‍රශ්නක් නොවෙයි. ඒ නිසා ඔන්න ඔය චන්දෙ අල්ලලාදානවා හලෝ. ඔහේගේ පඩිය ලැබෙනවා නේද?
අතුල Monday, 20 February 2023 10:11 PM
ඥක් ඥක් ගාන්නේ ඔබට තමයි සේරම බලය තියෙන්නේ මැතිවරණ වලදී රටේ මුලික නීතියට අනුව දැන් රනිල් ආවේ කොහොමද රටේ මුලික නීතියට අනුව ඒවගේම තමයි ඔබටත්