
(අංජුල මහික වීරරත්න)
මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳව සහ පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභා වෙත වෙන් කර දීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම පිළිබඳව නිර්දේශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත.
ඒ අනුව, 2026 ජාතික අයවැයෙන් පළාත් සහා සඳහා වෙන් කෙරෙන ප්‍රාග්ධන ප්‍රදාන පළාත් සභා අතර වෙන් කර දිය යුතු ආකාරය පිළිබඳව සහ පුනරාර්වර්තන වියදම් ගැලපීම පිළිබඳව මුදල් කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) අනු ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් කොමිසමේ නිර්දේශ පාර්ලිමේන්තුවට