(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් ඇමැතිවරයා මැතිසබයට පැමිණ රටේ මූල්‍ය තත්වය ගැන කිසිම තොරතුරු ලබා නොදෙන නිසා මන්ත්‍රීවරුන් විදියට රටේ මොනවා වෙනවාදැයි අප කිසිවක් නොදන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
කිරිඇල්ල මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
මුදල් බලය පවතින්නේ පාර්ලිමේන්තුවට බවත් මුදල් ඇමැතිවරයා රටේ මූල්‍ය තත්වය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් බවත් ඔහු පැවසුවේය.
රටේ ආර්ථික තත්වය ගැන දින දෙකක විවාදයක් ලබාදෙන්නැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශයේ කටයුතු හොඳින් කරගෙන යන බවයි.
ඔබ තමුන්නාන්සේලා මොනව කීවත් රට නොවැටෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
පොඩි පොඩි දේවල් අල්ලගෙන චූන් නොවී දුරදිග බලා දේශපාලනය කරන ලෙස තමා කිරිඇල්ල මහතාගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මුදල් අමාත්‍යවරයා රටේ ආර්ථික තත්වය සුභවාදී තැනකට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමැති දන්නවා නම් රටේ ආර්ථික තත්වේ, රටට මෙහෙම වෙයිද? ඔයාලාට රටේ තත්වේ දැනගන්න ඕනෑ නම් පාරට බැහැලා බලන්න. හොරුන්ගෙන් සාස්තර අහන්නේ නැතිව...!
අනේ ජොන්ස්ටන්ගේ කට
මේ ශාන් වෝර්න්, ෆයිරූස්... ආර්ථික ඔස්තාර්ලා මේ ලෝකයේ තියෙන්නේ ලංකාව විතරක් නෙමෙයි. තව බොහෝමයක් රටවල් තියෙනවා... නන්නත්තාර වුණු.. බොරුවෙන්ම ජීවත් වෙන්නේ නැතිව. ඔයා ළිං කටින් උඩට ඇවිල්ලා. පියවි ඇසින් ලෝකය දිහා බලන්න..!
මොළහතක් තියෙන මුදල් ඇමති කෙනෙක් අපිට ඉන්නේ. එයාගේ කෙරුවාවල් ගැනත් ලෝකෙම දන්නවා.