IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මෝදරින් විදෙස් ජීව අත්බෝම්බ හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන්සූරියආරච්චි) 

මෝදර අලුත් මාවත එළිය හවුස් නගර සභා වැඩබිමේ තාප්පය අසල දමා ගොස් තිබූ  විදේශීය රටකට නිෂ්පාදිත ජීව අත් බෝම්බ තොගයක් සොයාගත් බව මෝදර පොලිසිය කියයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව අත් බෝම්බ 10 ක් එලෙසසොයාගෙන ඇත.

එම බෝම්බ තොගය අතර වර්ග දෙකකින් යුත් බෝම්බ තිබූ බවත් එක් වර්ගයකින් බෝම්බ 7 ක් තවත් වර්ගයකින් බෝම්බ 3 ක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මූල්‍ය සමාගමක් මගින් පරිත්‍යාග කරන ලද පාසල් බෑගයක් තුළ  මෙම බෝම්බ තොගය තිබී ඇතැයි පොලිසිය කියයි.‍ෙඑම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවා සිදුකළ පරික්ෂාවේදී සියලුම බෝම්බ වල වටා ඔතා තිබෙන කොළ පැහැයෙන් යුත් මුද්‍රා දිරාපත්ව තිබූ බවත්, එම බෝම්බ තැනින් තැන මලකඩ බැඳී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

මෙය කිසියම් පුද්ගලයකු මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

 



අදහස් (0)

මෝදරින් විදෙස් ජීව අත්බෝම්බ හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site