(නිමන්ති රණසිංහ)
රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පැවරූ නඩු 10කින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (21) නියෝග කළේය.
එසේම, තංගල්ල ධීවර වරායේ හිටපු අධ්‍යක්ෂ ජයතිස්ස රත්නායක වීරකොන් මහතා ඇතු`ථ චූදියන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ තවත් නඩුවකින් ඔවුන් නිදහස් කිරිමට ද අධිකරණය අද (21) නියෝග කළේය.
ඒ අනුව අල්ලස් කොමිසම පවරා තිබූ නඩු 11කින් එම චූදිතයන් සිව් දෙනා නිදහස් කිරිමට අධිකරණය එලෙස තීරණය කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුවලින් චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
නඩු 10කින් මෙලෙස නිදහස් කරනු ලැබුවේ අංක 08, පන්සල්වත්ත පාර, කුණ්ඩසාලේ පදිංචි රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාය.
අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම චූදිතට එරෙහිව නඩු 10ක් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි සදහන් කරමින් ඉකුත් 2017 වර්ෂයේ ජුනි මස 13 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd