IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැදිරිගිරියේ ගොවියෝත් පාරට බසිති

(චාපා මධුභාෂිණී)

ගොවිජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය ලබා දී බඩු මිල, ඉන්ධන මිල වහා අඩු කරන ලෙසට බලකරමින්  මැදිරිගිරිය නගරයේ අද විරෝධතා පාගමනක් පැවැත්විණි.

මෙම විරෝධතා පාගමනට 100 ආසන්න පිරිසක් ඒක්ව සිටි අතර විරෝධතාකරුවන් මැදිරිගිරිය ඔරලෝසු කණුව අසලින් මෙම පාගමන ආරම්භ කර මැදිරිගිරිය නගරය හරහා රෝහල් මාර්ගයේ පැමිණ නැවතත් ඔරලෝසු කණුව ඉදිරිපිට ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩිනි ජයරත්න මහතා  සංවිධානය කළ මෙම විරෝධතා පා ගමනට මැදිරිගිරිය පාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම ප්‍රදේශයේ ගොවීහු  පිරිසක් ද ඒක්ව සිටයහ.

මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ 25% ගොවිජනතාවට මෙවර යල කන්නයේ පොහොර සහනාදාර නොලැබී ඇති බව විරෝධතාකරුවන් කියා සිටියහ.

ඒ් අනුව තම වගාවට අවශ්‍ය පොහොර නිසි කලට ලාබා දීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔවුහු වැඩි දුරටත් කියා සිටියහ.

 



අදහස් (0)

මැදිරිගිරියේ ගොවියෝත් පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 700 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site