IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාදුරුඔයේ ඉවුරු වනසති

(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ ප්‍රදේශයේ පිහිටා තිබෙන මාදුරු ඔයට ට්‍රැක්ටර් දමා කලක සිට සංවිධානාත්මකව සිදුකෙරෙන මහා පරිමාණ වැලිජාවාරමක් හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට මෙන්ම වඩමුනේ පාලම ඇතුළු එම ගංගා ඉවුරුවලට දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ප්‍රදේශයේ පරිසරවේදිහු පෙන්වා දෙති.
 
පිට පළාත්වලින් පැමිණ සිටින පුද්ගලයන් පිරිසක් විසින් මාසයකට ආසන්න කාලයක් මෙම ප්‍රදේශයේ මෙම වැලි ජාවාරම මෙහෙයවන බවද, වැලි තොග වැලිකන්ද සහ අවට ප්‍රදේශවලට ට්‍රැක්ටර් සහ ටිපර් රථ යොදා ප්‍රවාහනය කරන බවද, කොළඹ හා වෙනත් පිට පළාත්වලට රැගෙන ගොස් අලෙවි කරන බවද ප්‍රදේශයේ පරිසරවේදීහු සදහන් කරති.
 
මාදුරු ඔය කුඩා ඔයෙහි තිබෙන කුඹුක් ගස් ඇතුළු වටිනා ගස් වලටත් වඩමුනේ ප්‍රධාන පාලමට මෙන්ම පරිසර පද්ධතියට දැඩි පරිසර හානියක් සිදුකරමින් සිටින බවද ඔවුහු පෙන්වාදෙති. මාදුරු ඔය රක්ෂිතයේ සැරිසරන අලි ඇතුන් මෙන්ම වන සත්තු ද දැඩි පීඩාවකට පත්ව සිටිති.
 
පළාතේ පුද්ගලයන් කිහිපදෙනෙකුට වැලි ගොඩදැමීමට නීත්‍යනුකූලව වැලි කැණීම් බලපත්‍ර භූවිද්‍යා පතල් කැණීම් කාර්යංශය මගින් ලබා දී තිබුණද, එමගින් වැලි ගොඩ දැමීම අත්හිටුවා පිට පළාත්වලින් පැමිණ සිටින දේශපාලන ආධාරකරුවන් මෙන්ම මහාපරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට මෙම ජාවාරම කිරීමට අවස්ථාව ලබා දී ඇතැයිද ඔවුහු කියති.

භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් විමසීමේදී සදහන් කළේ වැලි ජාවාරම පිළිබඳව සොයා බැලීමට කණ්ඩායමක් පත්කර වහා ප්‍රදේශය වෙත යොමුකර ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.

 



අදහස් (4)

මාදුරුඔයේ ඉවුරු වනසති

janahitha Monday, 19 October 2020 09:12 AM

හෙණ ගහනවා, රට වනසනවා ... වහාම හමුදාවට පැමිණිලි කරන්න. වැලි ගොඩ දමන්නේ පොලිසියෙන් වෙන්න පුළුවන්.

:       3       14

Hafeel Monday, 19 October 2020 11:19 AM

හමුදාවට කියලා දෙයක් වෙන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය නැතුව මේවා කරන්න බැහැ.

:       1       15

Hafeel Monday, 19 October 2020 11:21 AM

එක රටක්, එක නීතියක්.. විනයරුක රට. කෙළින් වැඩ කරන, ජාත්‍යන්තරයට බය නැති නායකයෙක් ඉන්න රටතුළ මේවා වෙනවා නම්...?

:       2       15

Nisha Tuesday, 20 October 2020 03:28 AM

මේවා වෙන්නේ රජයේ අනු දැනුමින්... ගෝඨාගේ නම විකුණාගෙන කනවා... රටේ හරි පාලනයක් නැහැ. කවුරු මොනවා කිව්වත්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site