(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවය කරන මදුරු මර්දන සහායකයන් පිරිසකට ස්ථීර කිරීම සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම සේවකයන් 2017 වසරේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති බවද ඔවුන් අතරින් 847 දෙනකුට අධ්‍යාපන සුදුසුකම් නොමැනි නිසා සේවය ස්ථිර කිරීම ගැටළු සහගත බව ද ඇමැතිවරයා කියයි.

සෞඛ්‍ය සහායකයකු ස්ථීර සේවයට ගැනීමට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන දෙකක් සහිතව විෂයන් හයක් සමත්ව තිබිය යුතු බව ඇමැතිවයා සඳහන්  කළේය.