( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වීරකැටිය මැදමූලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම අද (8) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර පෙත්සම ලබන 12 වැනිදා සළකා බැලීමට කල් තබන ලදී.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන් , එම.එස් .කේ.බී විජේරත්න , චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සහන් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා විභාගයට ගැනීමට ස්ථර ත්‍රී පුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට පෙත්සම්කරු විරෝධතාවයක් මතු කළේය. එම විරෝධතාව සළකා බලා එය ප්‍රතික්ෂේප කෙරිණි. මෙය නීතියට පටහැනි වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශිත නියෝගය බලරහිත කරන ලෙසද, මෙම නඩුව විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපූරු ජනාධිපති අපේක්ෂකයෙකු වෙන්න ඉන්න කෙනෙක්... තමන්ට විරුද්ධව තියෙන නඩුව විභාග නොකරන්නලු. එහෙනම් රටේ නීතියක් කුමටද? මේ ගොල්ලන්ගේ පාලන කාලයේදී නීතිය කොහොම තියෙන්නට ඇතිද කියලා අපට හිතාගන්න පුළුවන් නේද ? වැරදි නොකරානම් නීතියට මෙතරම් බය ඇයි? ආයේ බලය ගත්තොත් අපූරුවට නීතිය රකීවි.
තමුන්ට ලැජ්ජා නැද්ද මිනිසුන්ගේ සල්ලිවලින් දෙමව්පියන්ගේ ස්මාරක හදන්න. නඩුවට ඉදිරිපත්වෙලා තමුන් නිර්දෝෂී බව රටට පෙන්වන්න.
ඔහොම බයේ පුලුවන්ද ජනාධිපතිකම කරන්න? ඉම්රාන් ඛාන් වගේ බය නැති චරිතයක් වෙන්නකෝ...
මේක හරි නීතියක්නේ නඩුවක සැකකරු කියනවා නඩුව අහන්න එපාලු. ලෝකේ නැති නීතියක්...
මොන මොනවා හරි සෙප්පඩ විජ්ජා ටිකක් දාලා නඩුව කල්දාගන්නේ වරදක් නොකළ නිසාද? නැත්නම් නඩුව ඇහුවොත් වැඩේ ගැස්සෙන නිසාද?
වංචාවෙන් හදපු ඒවා විභාගයට ගන්න අවුරුදු 4 කින්වත් බැරිවුණු ලෝකයේ එකම රට....
තමන් නිර්දෝෂී නම් මේ මොන විකාර වැඩක්ද?
මේවට අධිකරණය යටත් වුනොත් සියලුම උසාවි වැසුවාට කමක් නැත. ආයුධ පෙන්නන්න එක්ක ගියාම ඇති. අනික අඹගෙඩි 6ක් හොරා ගත්ත සොපිනෝනාට නම් ඔහොම උසාවියෙන් ගැලවෙන්නම බැහැ. අනේ අපේ රටට ගිය කලක්...
කිසිම බලයක් නැතුව උසාවිය නටවන්නේ මෙහෙම නම් බලයට පත් වුණුදාට කොහොම තියෙයිද?
ඒ දවස් වල මරන්න අල්ලාගෙන ගිය පහළම පෙලේ ජේවීපී කොල්ලොවත් මෙහෙම බයේ ඇඹරුනේ නැහැ. වීර මද්දුම බණ්ඩාර වගේ 'අයියණ්ඩිය...! කිසිදිනක වැරදි නොකළ මට නඩුව දිනන එකත් කජ්ජක්ද?' කියලා බය නැතුව උසාවි යන්නකෝ. රට පාලනය කරන්න අපෙන් වරම් ඉල්ලන කෙනෙක් නේද මෙයා? ඉතින් බයේ කොහොමද රටක් පාලනය කරන්නේ?
මෙයා සාමාන්‍යයෙන් බය කෙනෙක් කියන එක ඇත්ත බව ඔප්පු වෙනවා මේ දේවල් වලින්. ෆොන්සේකලාගේ පැත්තකින් වත් තියන්න බැහැ වගේනෙ පෙනෙන්නේ.
මොහු දන්නවා නඩුව ඔප්පු වෙලා තපින්න වෙනවා කියා.. අපි කියනවා මෙම නඩුව විභාග කර ජනතාවගේ මුදල් මොහුගෙන් නැවත ලබාගෙන දඬුවම් ලබා දෙන්න කියා .
ඇයි මෙයාගේ නඩු විතරක් අහන්න බලයක් නැහැ කියන්නේ...? අතුරු පෙත්සම් ගහමින්, ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසාද? නැතිනම් ඒ සොහොනට තවම අකුණුසැර නොවදින කුළුණු සවිකර නැති නිසාද? එතකොට මේ නඩේ රජයේ මුදල් හොරකම් කරන්න කලින් ව්‍යවස්ථාව කියන පිටුව කියවල බලලා. ඉන්නවද? අධිකරණයට.. මේ කිසිවක් අවශ්‍ය නැහැ හොර නඩේ හොරකම් කරපුවා, මිනිමරපුවා, හැම දෙයක්ම ඔප්පු කරන්න පුළුවන්කම තියෙන කොටත්... ඒ හැමදේටම මෙවැනි පෙත්සම් ගසමින් අධිකරණයට බලපෑම් කරනවා. 20/20 ජනපති නෙමේ කරන්න ඕනෑ. ජම්පරය අන්දලා ඇතුළට දමන්න ඕනෑ.. එහෙම දෙයක් සිදුවෙන්න නම් මම ජනාධිපති වෙන්න ඕනෑ. මම එදාට සුද්දාගෙන් පසු රට කරපු රටයි, ජනතාවයි, විනාශ කරපු, ඒ හැම එකෙක්ම ජීවත් වෙලා ඉන්නවා නම්. මැරෙනතුරු හිරගෙදරට අරිනවා... බරපතල වැඩසහිතව...
අලුත්ම ක්‍රමයක් නේද මේක හොරකම් කරලා ජනතා මුදල් අවබාවිතා කරලා නඩු වැටුනහම ඒවා විභාග කරන්න තහනම් නියෝග උසාවියෙන් ගන්න ක්‍රමයක් මේක හැම හොරෙක්ම ඉදිරියේදී අනුගමනය කරයි. හොරකම දුෂණය නිසා මේ රට විනාස වෙලා විලි ලැජ්ජාවක් නැතුව මෙහෙම උසාවියෙන් නියෝග ඉල්ලන හැටි
මෙන්න බොලේ අපේ අනා(ග)ත ජනාධිපති ජයවේවා!!! උසාවි භංග වේවා!!!
ඇයි තමුන්ට ලැජ්ජයිද හොරා කාපුවට නඩු දානකොට? මහජන මුදල් හොරා කනකොට ලැජ්ජ හිතුණා නම් ඔහොම නඩු වැටෙන්නෙ නෑ නේද?
මෙහි කමෙන්ට් දමා ඇති සියල්ල දත් පප්පලාගේ නීතිය පිළිබඳ දැනුම ගැන විමතියට පත් වුනෙමි. අධිකරණ බලය පිළිබඳ මූලික විරෝධතා ගොනු කිරීම නඩුවේ විත්තියට ඇති අයිතියකි. තවද ශිරානි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ කමිටුවක් මගින් ප්‍රශ්න කිරීමේදී එයට අධිකරණ බලය නොමැති බව මේ සියල්ල දත් පප්පලා තෙපර බෑවා අපට අමතක නැත. එබැවින් විහිලු සැපයීම ගැන මීට වඩා සැලකිලිමත් වන්න.
මේ ඉල්ලීමෙන්ම මෙයා වැරැදි බව ඔප්පු වෙනවා. වැරදි නැතිනම් ඕනෑම නඩුවකට මුහුණ දිය යුතුයි.
හොරෙක් තමයි ජනාධිපති කරන්න බයියෝ දඟලන්නේ මැදමූලන කියන්නේ හොර රජදහනක්ම තමයි.
මෙතැනින්ම පේනවා හොරකම් කිරීම පිළිගන්න බව... එ්කනේ නඩුව අහනවට බය...
මේ ගොල්ලන්ගේ මගුල් ගෙවල්වල ගිහින් එකට කන බොන රනිල් මෛත්‍රී මේවා ඉක්මනින් විභාග කරන්න කියල නීතිපතිට කියාවිද? අනේ අපේ බදු සල්ලි
මටත් මහඋසාවියේ නඩුවක් තියනවා. හොරකම් කරලා බැරිද? අහන්න එපා.. කියලා ඉල්ලන්න.
බය ගෝඨාම තමයි.
නීතියක් නැද්ද? අවුරුද්දක් තිබ්බා නම් ඔය හොරු ඔක්කොම එල්ලලා ඔවුන්ට කඩේ යන සහ ගිය ඔක්කෝටම එල්ලලා පෙන්වනවා. කොන්ද පණ නැති කෙනෙක්ට කඩේ යන අය තාම ඉන්නවා.
උසාවියෙන් බේරෙන්න උප්පරවැට්ටි කොයිතරම් දැම්මත් මිලියන 33 ක් තමන්ගේ දෙමුපියන්ගේ සොහොනට මහජන මුදල් වියදම් කරා කියන එක මේ රටේ කවුරුත් දන්නවා
හොරා නඩු කාරයාට කියනවා. නඩුව අහන්න එපා කියලා. මහත්වරුනේ, මහත්මියනේ මෙන්න මේවාගේ රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ... ලැජ්ජයි.