
(එස් හේරත්)
පාසල් දරුවන් ප්‍රවාහන තිබූ වෑන් රථ 54කින් වෑන් රථ 53ක් දරුවන් ප්‍රවාහනයට සුදුසු තත්වයේ නොතිබූ බව මාදම්පේ පොලිසිය කියයි.
පැවැති යෝග්‍යතාවය පරීක්ෂණයේදී වාහන විසිහතරක් සඳහා තහනම් නියෝග නිකුත් කළ බව මාදම්පේ පොලීසියේ රථවාහන අංශය පවසයි.
මාදම්පේ හලාවත සහ ආරච්චිකට්ටුව යන පොලිස් බල ප්‍රදේශවල පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන බස් සහ වෑන් රථ පනස් හතරක් පොලිසියේ සහාය ඇතිව හලාවත රජයේ රථවාහන පරීක්ෂකවරයා මෙසේ පරීක්ෂාවට ලක් කරනු ලැබීය. එහිදී දරුවන් ප්‍රවාහනයට සුදුසු තත්වයේ පැවැතියේ එක් වාහනයක් පමණක් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයක් ගෙනයා හැකි සංඛ්‍යාවට පමණක් ඉඩ දිය යුතුයි.