IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුද්දරයට කතෘවරු නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

zzpostage stamps of sri lanka volume 1Z (ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දර පළමු වෙළුම) ග්‍රන්ථයේ අඩංගු මුද්දරවල ඡායාරූපzzEllawela’s Ceylon$sri lanka stamp catalogueZZ (එල්ලාවලගේ නිදහසට පෙර මුද්දර නාමාවලිය) ග්‍රන්ථයට ඇතුලත් කිරීම වලකාලමින් බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය දුන් නියෝගය වැරදි බවට තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියගේ තීන්දුව ඉවත දැමීමට නියම කළේය.

මුද්දර සඳහා කිසිඳු කර්තෘවරයකු නොමැති බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා ඉදිරිපත් කළ තර්කය පිළිගෙන බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියගේ තීන්දුව ඉවත දැමීමට නියම කරමින් වාණිජ මහාධිකරණ විනිසුරුවරයා පිටු 12කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

මුද්දර සම්බන්ධයෙන් අධිකරණයක් විසින් මෙතෙක් කිසිඳු තීන්දුවක් ප්‍රකාශයට පත් කොට නොමැති අවස්ථාවක කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව සුවිශේෂී තීන්දුවක් බව වාර්තා වේ.

zzEllawela’s Ceylon$sri lanka stamp catalogueZZ(එල්ලාවලගේ නිදහසට පෙර මුද්දර නාමාවලිය) කෘතියේ කර්තෘ දුල්ෂාන් එල්ලාවල මහතා විසින් ගොනුකර ඇති මෙම අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය නම් කර ඇත.

මුද්දර සම්බන්ධයෙන් අධ්‍යනය කරන අචාර්්‍ය උපාධි අපේක්‍ෂකයකු වන දුල්ෂාන් එල්ලාවල මහතා ගොනු කොට ඇති අභියාචන පෙත්සමේ තමන් ප්‍රකාශයට පත් කළ zzEllawela’s Ceylon$sri lanka stamp catalogueZZ ග්‍රන්ථයේ අන්තර්ගත කළ මුද්දර වල ඡායාරූප කිසිඳු අයුරකින් වෙනත් ග්‍රන්ථයකින් පිටපත් (කොපි) කොට නොමැති බවත් ඒ බව තමා සාක්කි සහිතව බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියට කරුණු ඉදිරිපත් කළත් ඇය ඒ කිසිඳු කරුණක් සැළකිල්ලට නොගත් බවත් සඳහන් කොට ඇත”

තමන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට නොගෙනzzpostage stamps of sri lanka volume 1ZZ කෘතියේ සංස්කාරක අනුර සමරවීර මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් තමන් විසින් රචනා කළ zzEllawela’s Ceylon$sri lanka stamp catalogueZZ ග්‍රන්ථයට ඇතුලත් කිරීම තහනම් කරමින් සහ අනුර සමරවීර මහතාට වන්දි ගෙවීමට නියම කරමින් බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය 2019 සැප්තැම්බර් 20 වැනිදා තීන්දුවක් ලබාදුන් බවත් දුල්ෂාන් එල්ලාවල මහතා සිය පෙත්සමේ සඳහන් කොට ඇත”

zzpostage stamps of sri lanka volume 1ZZ නැමැති ග්‍රන්ථයේ සෑබෑ කර්තෘත්වය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමෙන්තුව දරණ බවත් ධම්මික සමරවීර මහතා එහි සංස්කාරකවරයා පමණක් බවත් සඳහන් කරන දුල්ෂාන් එල්ලාවල මහතා එසේ වුවත් ධම්මික සමරවීර මහතා අදාළ ග්‍රන්ථයේ කර්තෘවරයා වශයෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිට ඇති බවත් පෙත්සමේ සඳහන් කොට ඇත” ධම්මික සමරවීර මහතා විසින් සංස්කරණය කළ zzpostage stamps of sri lanka volume 1ZZ  නැමැති ග්‍රන්ථයේ අඩංගු මුද්දර සේයාරූ දුල්ශාන් එල්ලාවල මහතා විසින් රචිත මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති zzEllawela’s Ceylon$sri lanka stamp catalogueZZ (එල්ලාවලගේ ශ්‍රී ලාංකීය මුද්දර නාමාවලිය) ට අඩංගු කිරීම වළකාලමින් ඊට වන්දි ලබාදෙන ලෙස බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියගේ නියෝගයේ සඳහන් බව පවසන එල්ලාවල මහතා කරුණු නිසිලෙස අධ්‍යනය නොකොට බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය දුන් තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කොට ඇත”

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පිටු 12කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළ විනිජ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභගයේදී ඉදිරිපත් වූ කරුණු වලින් පැහැදිලි වන්නේ zzpostage stamps of sri lanka volume 1ZZ ග්‍රන්ථයේ මුද්දරවල සත්‍යතාවය මුද්දර පිළිබඳ විශේෂඥයකුගේ මතය විමසීමෙන් ලබා ගැනීමට බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය අසමත් වීම යැයි සඳහන් කළේය”

බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය මේ පිළිබඳ කිසිඳු විශේෂඥ මතයක් ලබාගෙන නොමැති බව ඉන් පැහැදිලි වන්නේ යැයිද ඇය කරුණු නිසිලෙස සොයා බැලීමකින් තොරව පෙත්සම්කාර දුල්ෂාන් එල්ලාවල මහතාට එරෙහිව තීන්දුවක් ප්‍රකාශයට පත් කොට ඇතැයිද තීරණය කල වානිජ මහාධිකරණය මුද්දර සඳහා කිසිවකුට කර්තෘවයක් නොමැති බව අවධාරණය කරමින් බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියගේ 2019 සැප්තැම්බර් 20 වැනිදා නියෝගය ඉවත දැමීමට නියම කළේය”

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙනී සිටියේය”

 



අදහස් (2)

මුද්දරයට කතෘවරු නෑ

Kule Monday, 17 April 2023 10:22 PM

හොඳ දෙයක් කරනකොට බාල්දියක් පෙරලීම උගත් නිලධාරීන්ගේ ගතියයි

:       0       4

ජුනයිඩ් නානා Tuesday, 18 April 2023 09:07 AM

තමාට බුද්ධියක් නොමැති බව ලොවට පෙන්නූ බුද්ධිමය දේපල කාර්යාංශයේ ලොකු නෝනා වහාම සේවයෙන් ඉවත් කළ යුතුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site