
(අංජුල මහික වීරරත්න)
මිද්දෙනියේ ඉඩමකින් හමු වූ රසායනික ද්‍රව්‍යයෙන් ලබාගත් සාම්පල 20 න් 17 ක මෙතැපිටමින් හෙවත් අයිස් (Methamphetamine) මත් ද්‍රව්‍ය අන්තර්ගතවී ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා පවසයි.
එම මෙතැපිටමින් 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සහ 2008 අංක 01 දරන මාදක ඖෂධ සහ මනෝ වර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ ලැයිස්තු ගත කර ඇතැයි ද වන්නිනායක මහතා කියයි.
බස්නාහිර පළාත (උතුර) අපරාධ කොට්ඨාශය විසින් යොමු කරන ලද ඉල්ලීමට අදාලව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 5 වැනිදා මිද්දෙනියේ අදාල ස්ථානය පරීක්ෂා කර එම ස්ථානයෙන් අහඹු ලෙස ලබාගත් සාම්පල 20 ක් රසායනාගාර පරීක්ෂාවට ලක්කර ඉහත තීරණයට එළඹ තිබේ.
අදාල විශ්ලේෂණ වාර්තාව බස්නාහිර පළාත (උතුර) අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් පන්නන්න නියෝග දීපු අයට මොකද වෙන්නේ කියලා බලමු. නීතිය සැමට එකයිලුනේ.
මේ ගල්පැලෙන බොරුවලින් රාජපක්ෂවරු බේරාගනිමු.
මේ කරලා තිබෙන්නේ අලුත් දෙයක් නොවේ. මිදුලට දමන විසිතුරු ගල් ගෙන්වන මුවාවෙන් ඒවා තුළ සගවා එක සමාන ලෙස පෙනෙන මත්ද්‍රව්‍ය ගෙනත්, එක කාලෙකට මේවා අලගෙඩි අස්සේ හංගලා එනවා. තව කාලෙකට ට්‍රැක්ටර් එන්ජිම තුළ එනවා දැන් ගල් ගොඩවල් වල සගවා ගෙනත්...
මට පේන්නේ අයිස් මුලින්ම ඇල්කොහොල්වල දියකරල මේ පාශාන ඵව්වගෙන් පොඟවල පසුව වියලලා තමයි ලංකාවට ගෙනත් තියෙන්නේ. කන්ටේනර් කඩල පරීක්ෂා කලත්, බල්ලෝ දාලා බැලුවත් හොයන්න බැහැ. ඉතිරි වෙලා තියෙන අයිසෝ පොපයිල් ගද නිසා බල්ලන්ට ඉව දැනෙන්නෙත් නැහැ. රටට ගෙනාවට පස්සේ මේව නැවතත් ඇල්කොහොල් වල පොගවල ඒවගේ තදියවෙලා තියෙන අයිස් නිස්සාරනය කරගන්නව. කිහිප වරක් නිස්සාරනය කලත් ගල් වල ඉතා සුලු පරමානයක් අයිස් ඉතිරි වෙනව.මේ එසේ නිස්සාරනය අවසන් කල ගල්. හොදින් බලන්න එකත් එකටම මේ ගල් වලට සර්ජිකර් ස්පිරිට් නොහොත් ඇල්කොහොල් උරාගන්නව ඇති. ඒ වගේම අයිස් මේ ඇල්කොහොල් වල දිය වෙනවත් ඇති. මේ නිස්සාරන යන්තරේ කොහේද තියෙන්නේ කියල හොයා ගත්තොත් වැඩේ හරි. අයිස් වතුරේ රිය වෙනව නම් වතුරෙන් නිස්සාරනය කරන්නත් පුලුවනි කසිප්පු පෙලනව වගේ.