
(සුජිත් හේවාජුලිගේ )
රජයේ පොත් පත් සහ ලියකියවිලි මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විදේශයෙන් ගෙන්වූ මුද්‍රණ කඩදාසි ( white printing papers) අඩංගු කන්ටේනර් අටක් ඩොලර් නොලැබීම නිසා කොළඹ වරායේ කාලයක් තිස්සේ සිරවී තිබෙන බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කටයුතුවලට මේ තත්වය විශාල බාධාවක්වී ඇතැයි දැනගන්නට ඇත.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දැනට පවතින්නේ මාස හයකට පමණක් ප්‍රමාණවත් මුද්‍රණ කඩදාසි පමණක් බව එහි නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇතත් ඩොලර් ප්‍රශ්නයට තවමත් ස්ථිරසාර විසඳුමක් ලැබී නැති බවයි.
මුද්‍රණ කඩදාසි ඉදිරියේදී නොලැබුණහොත් මුද්‍රණ කටයුතුවලට ලොකු ගැටලුවක් මතුවනු ඇතැයිද ඇය සඳහන් කළාය.
පවතින තත්වය යටතේ මුද්‍රණ කඩදාසි අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිනිය එහි සේවකයන්ට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.
මේ අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් රැසක් කොවිඩ් රෝගයට ගොදුරුවීමත් තවත් රැසක් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන්වීම නිසාත් එහි අංශ ගණනාවක කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් වරායෙන් නිදහස් නොකළොත් ජනාධිපතිට ගැසට් නිවේදන නිකුත් කරන්නත්, අවලංගු කරන්නත් බැරිවේවි... ඕක පමණයි කරන්න දන්නේ..
2/3 ක ජනවරමක් තියෙන නිසා 20ත් පාස්වුණු නිසා ලොරි 8ක් වරායට ඇරලා, කන්ටේනර් 8ක් එළියට අරන් එනඑකනේ තියෙන්නේ...