ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මාර්තු මස ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරයි.

”මේ වසරේ මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා වෙත ආරාධනාවක් කළ බව” ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2022 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ශ‍්‍රී ලංකාව මහත් බලාපොරොත්තුවෙන් බලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බිම්ස්ටෙක් සමුළුව මාර්තු 30 වෙනි දින ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇත.බිම්ස්ටෙක් යන කෙටි නාමයෙන් හදුන්වන්නේ තාක්ෂණික සහ ආර්ථික අංශ ගණනාවක සහයෝගීතාවය ඇති කර ගැනීමට බෙංගාල බොක්කට මායිම්ව ඇති රාජ්‍යයන් මුලපිරීම සඳහා පැවැත්වෙන සමුළුවයි.

කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මගින් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙන්නේ ද නැද්ද යන්න තහවුරු කර නොමැත.

(විමුක්ති එස් රුද්‍රිගු රිපබ්ලික්වර්ල්ඞ් ඇසුරෙන්)