
(සුජිත් හේවාජුලිගේ )
සැසිවාරය අවසන් කර ඇති කාලසීමාවේදී(නිවාඩු කාලයේදි) පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ අලුත්වැඩියාවක් සිදුකරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති අඩුපාඩු සොයා බලමින් ඒවා නිවැරදි කිරිමට මේ අනුව කටයුතු කෙරෙන අතර විශේෂයෙන්ම එහි සන්නිවේදන පද්ධතියේ සහ මන්ත්‍රීවරුන්ගේ ආසනවල අඩුපාඩු සහ දෝෂ නිවැරදි කිරීමේ කටයුතු දැනටමත් අරඹා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු රැස්වීම් පසුගිය කාලයේදී දිගටම පැවැත්වුණු හෙයින් මන්ත්‍රීවරුන්ගේ මේස මත විවිධ පොත් සහ ලිපි ද්‍රව්‍ය පිරී ගොස් ඇති හෙයින් ඒවා ඉවත් කිරීමටද පාර්ලිමේන්තු ප්‍රධානීන් සේවකයන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තු සංකීර්ණයේද අලුත්වැඩියා කටයුතු කිහිපයක් දැනට ආරම්භ කරනු ලැබ ඇත.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අවසන් කරනු ලැබීය. මේ අනුව එහි දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වැනිදාය.
මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන්ගේ මේස මත පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය විශාල වශයෙන් ඒකරාශීවීම සහ ඒවා පරිසරයට බැහැරලීමෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බව මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කඩදාසි වලින් තොර පාර්ලිමේන්තුවක් බිහිකිරීමට කැමැත්තෙන් සිටියද ඇතැම් මන්ත්‍රීවරුන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ඉල්ලා සිටීම නිසා ඒවා මෙලෙස සැපයීමට සිදුවී තිබෙන බවයි.
මන්ත්‍රීවරුන් ලිපිද්‍රව්‍ය වෙනුවට සිය මේස මත ඇති ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන්නේ නම් එම ගැටලුව විසඳෙන බව පැවසූ හෙතෙම ලිපි ද්‍රව්‍යවල ඇති සියලුම තොරතුරු පරිගණකයෙන් ලබා ගත හැකි බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... මොනවා නැතත් ඔය අනාථ මඩම හොඳට නඩත්තු කරලා තියාගන්න ඕනෑ. මොකද නිවාඩුවෙන් පස්සේනේ පප්පලා එන්නේ...
ඔය හරක් රැළේ ගාල හදනවට වැඩිය බල්ලන්ට බත් අරන් දුන්නා නම් උන් නගුට හරි වනනවා.
ඕකට බූරු ඇඳවල් ටිකක් ගෙනත් දාපල්ලා...