(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අධික වර්ෂාව සමඟ දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් වැසි තත්වය ඉදිරි දිනවලද දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව දියවන්නා ඔය සීමාවේ වැලි කොට්ට ඇතිරීම පෙරේදා(15) සිට ආරම්භ කළේය.
මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ පහළින් පිහිටි කමිටු කාමරවල පුටු මේස සියල්ලද ආරක්ෂක පියවරක් ලෙස එහි පළමු මහලට රැගෙන යනු ලැබීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය පැමිණියහොත් මුලින්ම යට වන්නේ පහළින් පිහිටි කමිටු කාමර හෙයින් එහි ප්‍රධානීහු මෙලෙස පියවර ගත්හ.
මේ අතර දියවන්නාවේ ජල මට්ටම පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාවේ කණ්ඩායමක් සහ පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් නිරන්තර සෝදිසියෙන් පසුවෙති.
දියවන්නාවේ සෝදිසි කටයුතු සඳහා අමතර යාත්‍රා කිහිපයක්ද යොදවනු ලැබ ඇත.
ඉහළ ප්‍රදේශවලට පතිතවන වැසි හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම මෙලෙස ඉහළ යන බව වාරිමාර්ග ඉංජිනේරුවරු පවසති.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබය වටා වැලි කොට්ට
ravin Monday, 17 October 2022 12:58 PM
බැරිද ඔය වැලි කොට්ට ටික ඔකේ ඉන්න අයගේ කටවල් වලට අතුරලා තදින් බඳින්න.
පෙනුම Monday, 17 October 2022 01:07 PM
පෙනුමෙන්ම ඇඟේ බර වැඩි මැති ඇමතිලාට දියවන්නාවට එන්න එපා කියන්න ඒ අයගේම ආරක්‍ෂාව වෙනුවෙන්..! මොකද කරදරයක් උනොත් දුවන්න කකුල් දෙකට දරාගන්න බැරි ඇඟවල්නේ ඒ අයට තියෙන්නේ ... හා..ද..?
sharm warn Monday, 17 October 2022 01:11 PM
ඔය ඇතුලේ ඉන්න ඔක්කොම ගිලෙනවානම්...
chandima Monday, 17 October 2022 01:25 PM
අන්තිමේ දෙවියන් බැලුවා එහෙනම්... මිනිස්සු ගැන අනුකම්පා හිතෙන්න ඇති?
Rexi Monday, 17 October 2022 02:30 PM
ඇයි වැලි කොට්ට, ඕකෙ ඉන්න තරමක් ඉන්නේ පිටි කොට්ට වගේ කට්ටියනේ. ඉතින් එයාලව පාර්ලිමේන්තුව වටේ තියන්න.