(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තු සභා ගැබට පසුගියදා පොලීසිය කැදවූ අවස්ථාවේ පාර්ලිමේන්තු පොලීසියේ සේවය නොකරන හා නිල ඇදුම් ඇදගත් පොලීසියේ නොවන අයද පැමිණි බවට සැකයක් ඇතැයි නිවාස හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ අංශවලින් නිල ඉල්ලීමක් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ සේවය නොකරන පොලිස් නිලධාරීන් පවා සභාවට ඇතුළුවීම වරදක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මනුස්සයව දොස්තර කෙනෙකුට පෙන්වන්න කවුරුවත් නැද්ද? හැම වෙලේම සැකෙන් ජීවත් වෙන්නේ..
ජනමතයට කන් දෙනු. 9 පාස් උගතා.
මගේ රට අද ඇතිවෙලා තියන අගාදයට අද දැම්මේ , එජාප , ජවාපෙ, ශ්‍රී ල නිපෙ කියන කට්ටිය තමා වගකියන්න ඕනි . එහෙම නැතුව පොදු ජනතාව නොවි. මහින්ද මහත්තය කියන්නේ නියම සිංහයෙක් . එතුමාව විනාශයට තල්ලු කරේ වටේ ඉන්න අය . අපි මහින්ද මහත්තයට ගරු කරනවා නමුත් මේ කරපු වැඩේ අනුමත කරන්නේ නෑ.
ඔව් ඔව් අංක තහඩු නැතිව ආවොත් ඒ හොර බඩු තමයි.
අලි, කොටි ගිවිසුම පෙන්නා පසුවදා සුනාමි ආධාර සල්ලි, කැරලිකාරයන්ට යැව්වා. එහෙව් දේශප්‍රේමීන් ඉන්නා රටක පොලිස් කාරයන් ලෙස පිටස්තර අය එක එක කජ්ජක්ද?
9 පන්තියෙන් එහාට ඉගෙනගෙන නැහැනේ... ළමයින්ට නෙමෙයි පිටස්තරයින්ට නිල ඇඳුම් අන්දලා පාර්ලිමේන්තු යැවීම... අනිවාර්යයෙන්ම පුටුවලින්, බයිබල්වලින් ගැසිය යුතුමයි.
කවදත් මහා ජනතාවගේ දැවෙන ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටියෙකුගෙන් මෙන්න තවත් දැවෙන ප්‍රශ්නයක්
කථානායකතුමා පොලිසිය කැඳවනවිට හිතවතුන් කැඳවන්නේ නැහැ නිළධාරීන් එවන්නේ පොලිස්පති හෝ වෙනත් උසස් නිළධාරියෙක්. පාර්ලිමේන්තු පොලිසියට පමනක් සියල්ලම කරන්න බැහැ.
එහෙනම් අධිරාජ්‍යවාදීන් වෙන්න ඇති.