(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සහ එහි පිටත පරිශ්‍රයේදී පසුගිය විසි එක් වෙනිදා ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමුවරට හෙට (28) සවස 3 ට රැස්වීමට නියමිතය.
ජේෂ්ඨ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව පත්කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.
සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ආකාරය සහ විමර්ශන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරුන් හමුවී අද දිනයේ දීර්ඝව සාකච්ඡා කරන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැස් වුණාට නම් කාරියක් නෑ. පාර්ලිමේන්තුවේ පුරුද්දට අමු තිත්ත කතාවෙන් එකිනෙකාට ආමන්ත්‍රණය කරගන්නවා එහෙම නෙවෙයි ඔන්න.
අනේ ඔය දෙතුන් දෙනකුට අලුත් එකෙන් හැදෙන්නකෝ... රටේ සල්ලිම කන රටම විනාශයට ගෙනියන්න අය... රටටම කුඩු ගෙන්වන්නෙත් මේ අය තමයි... අත්අඩංගුවට ගන්නේ කුඩු ගහන අය තමයි...
මේ තවත් අපේ තියෙන සල්ලි ටිකත් කාබාසිනියා කරන කාලකණ්ණි වැඩක් විතරයි. ඔය පාර්ලිමේන්තුව සදහටම වහලා දැම්මා නම් රටටම සෙතක් වෙනවා.
නුඹලාගේ නාට්‍ය දැන් මිනිස්සුන්ට ඇතිවෙලා. කාලකණ්ණි රැල...
එතකොට අර කතානායක පුටුවට වතුර හලපු එකයි,මිරිස් කුඩු ගහපු එකයි බයිබලෙන් දමල ගහපු එකත් පරීක්ෂණ කරනවද? වැරදි පුර්වාදර්ශ දීල අපේ සල්ලි කන්න දැන් කොමිටි තියෙනවා.
අපේ රටේ මෙයාලට එවෙලේම දඬුවම් දෙන්නේ නැද්ද? මොකද පාරක කොල්ලො දෙන්නෙක් ගහගත්තොත් එවෙලේම පොලිසියට අරගෙන ගිහිල්ලා දවසක්, දෙකක් කූඩුවේ තියනවා. පස්සේ උසාවි දානවා. ඒත් මෙයාලා ගෙදර යනවා. නිකන් බොරුවට කමිටු දාලා කිසිම දඬුවමක් නැහැ.