(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සීමා වීමත් සමග වියදම් අඩුවීමෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් මේ දක්වා ඉතිරිවී (ලාභයක් ) ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
මෙම මුදල ඉතිරි වී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් සහ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා රැස්වීම් සීමාවීම හෝ නොපැවැත්වීම, ආහාර සැපයීම පාර්ලිමේන්තු රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම යනාදී හේතු නිසා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු රැස්වීම් සීමාවීම සහ පාර්ලිමේන්තු සේවකයන් කැදවීම සීමා කිරීම නිසා විදුලිය, ජලය, ප්‍රවාහන වැනි පහසුකම්වලට වැය වන මුදල් විශාල වශයෙන් අඩු වී ඇතැයි පෙන්වා දෙන එම නිලධාරීහු මේ කාල කාලසීමාවේදී වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීමෙන්ද ලොකු මූල්‍ය වාසියක් සැලසී ඇති බව පෙන්වා දුන්හ.
පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා රැස්වීම් බොහොමයක් පසුගිය කාලයේදී රැස්වූයේද සූම් තාක්ෂණය ඔස්සේය. මේ නිසා එම රැස්වීම් සඳහා වැයවන වියදම්ද අඩුවී ඇතැයි කියති.
පාර්ලිමේන්තුවේ රැස්වීම් සඳහා තේ පැන් සහ වතුර බෝතල් සැපයීම සඳහාද වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම් පසුගිය කාලයේදී සතිය පුරා නොපැවතුණද අවශ්‍ය රජයේ පනත් සහ රෙගුලාසි සම්මත කිරීම සඳහා පමණක් රැස්වීම් සීමිතව පවත්වනු ලැබීය.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තු සංකීර්ණයට මේදිනවල කැද වෙන්නේද සේවා අවශ්‍යතා අනුව ඉතා සීමිතව බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් නාස්ති වීම පාලනය කිරීම සඳහා කරුණාකර සිතන්න සහ හොඳ අදහසක් ගන්න. එවිට අපට රට ගොඩ ගත හැකියි.
ඔච්චර ලොකුවට තියාගෙන නඩත්තු කරන්න පුලුවන් තරම් රටක් නොවේ මේක. ඒත් ඉන්න 225ට ඒක අදාල නැහැ, අපි දුක් විඳිනවා.
කෙතරම් සතුටුදායක පුවතක් ද. ඕක අත්‍යවශ්‍ය කාරනේකට මාස 2 විතරක්ම එක සැරයක් රැස් කරන්න.
ලෝකෙන් හිඟා මෙහෙම වියදම් කරන රටක් ලොව වෙන නැතුව ඇති. මට පේනනේ 225 විතරකන් නෙමෙයි එතන ඉන්න හත්මුතු පරම්පාරවම යැපෙන්නේ එතන දේවල්වලනි.
ඕක අහෝසිකර මහජන ඡන්දයෙන් 25ක විතර පාලක සභාවක් පත්කර වෘත්තිකයින් ඒකට ගෙනාවා නම් ලෝකයට විහිලු සැපයීමවත් නැවතී රටේ මුදල් ඉතිරිවෙයි නේද.
මුළුමනින්ම වසා දමා තිබීමෙන් රටට විශාල මුදලක් ඉතිරි කළ හැකිය
මේ සිද්ධිය මුළු සමාජයටම ගෙන යන්න කියලා මාධ්‍යට මම ඉල්ලා සිටිනවා. මොකද මේ රටේ අරපිරිමැස්මෙන් කටයුතු කිරීම කලයුතුයි කියන කාරනාව ඉතාම අඩුවෙන් සලකලා කටයුතු වෙන තැනක් තමයි ඔය පාර්ලිමේන්තුව. 225 දෙනාගේ සුව පහසුව වෙනුවෙන් කියලා නාස්ති කරන අසීමිත සම්පත් වල නිමක් නැහැ. කොටින්ම ඔය මිනිස්සු ඉන්නේ රජ වරු වගේ. අන්තිමේදී නිදහස ලබල කොච්චර කාලයක් ගියත් අපි තාමත් ඉන්නේ අනෙක් රටවලට සාපේක්ෂව බොහොම නොදියුණු තැනක.
පාර්ලිමේන්තුව සුම් හරහා පවත්වන්න. නිකන් බොරුවට මරාගන්නට දරන මහජන මුදල් නාස්තිය අවම කරගත හැකිය.
බැලුවම රටේ සල්ලි කාබාසිනියා වෙන්නෙ මෙතනනෙ. ඒක රටටම හූනියමක්.
ඔය ස්ථානය රෝහලක් කරන්න .වටපිටාවේ ඉඩම් අහිංසක මිනිස්සුන්ට දෙන්න .අවශ්‍යමනම් zoom මීටින් ගැන හිතන්න .නැත්නම් 25 දෙනෙකුට රස්වියහැකි කුඩා තැනකට යන්න .කන්ටේනර් පෙට්ටි ගැනත් හිතන්න .හොඳ ඉතිරියක් .පස්සේ ප්‍රගතිය අනුව ඉදිරිය බලන්න
ඕක නම් තත්වය 225 කට අසීමිත සැප සම්පත් දෙන්න අසරණ මිනිස්සුන්ට බදුගහන එක නවත්වන්නට පුලුවනි. තව ඔය තක්කඩි රැලට දෙන ඉන්ධන, දුරකථන, නිවාස, කාර්ය මණ්ඩල, විදුලි හා ජලබිල්පත් වැනි දෑ නැවැත්වූවොත් කොතරම් ලාභයක් රටට අත්වේවිද? කණගාටුවට කාරණය කොරෝනා නොවන්නට මේ මහා අපරාධය රටට හෙලි නොවීමට තිබූ අවස්ථාවයි. මේ සත්‍ය රට දැනගන්නා විටත් මෙරට මිනිස් ජීවිත 12000 ක් පමණ රටට අහිමිවෙලා.
කොහෙන් හරි ලාබයක් වෙනවනම් ඉතින් හොදයි