(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කතානායකවරයාගේ අනුමැතිය පරිදි විශේෂ නිවාඩුවක්( ලබන 22 සහ 23 ) ලබාදී ඇත.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) කාන්ති පීරිස් මහත්මිය විසින් මේ පිළිබඳව එම කාර්ය මණ්ඩලයට චක්‍රලේඛයකින් අද දැනුම් දෙනු ලැබීය.

මීට ප්‍රථම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට 24 සහ 26 නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. මේ අනුව පාර්ලිමේන්තු සේවකයන්ට හෙටින් පසු දින නවයක නිවාඩුවක් ලැබෙනු ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අයවැය කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන මෙම විශේෂ නිවාඩු ලබාදී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.