
(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ සමයේ වේදිකා තුළ ගොවියා රජකරවූ මාලිමාව අද වනවිට පොරොන්දු වූ සහතික මිලත් වගා සහනාධාරත් අහිමි කර ගොවියා අසරණ කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉහළ ගුණාත්මක පොහොර සහ පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බැවින් අද වනවිට ගොවිතැන දුෂ්කර වී ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව බව කියා සිටියේ අනුරාධපුර විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ පැවති උත්සවයකට අද (14) එක්වෙමිනි.
මැතිවරණ සමයේ දී වී සඳහා සහතික මිල රු 150ක් කර නීති මගින් සනාථා කරන බවට පැවසුවත් තෙත වී ගන්නේ රු 90- ට 95ට බැවින් සහතික මිල මහපොළොවේ යථාර්ථයක් වී නැති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
අලි මිනිස් ගැටුම නිසා බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් වගා කටයුතු කළත් පොහොසතුන් ගොවියාගේ වී ටිකෙන් පවා සූරා කන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට රටේ බරපතල ඖෂධ හිඟයක් ඇති බවත් රජයේ රෝහල්වල පවා බෙහෙත් නොමැති බැවින් පෞද්ගලික ෆාමසිවලින් විශාල මුදලක් ගෙවා බෙහෙත් ගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
බරපතල රෝගී තත්ත්වයෙන් පෙළෙන ජනතාවට නොමිලේ ඖෂධ ප්‍රමාණවත් තරම් ලබාදීමට නොහැකි නම් නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් ඵලක් නැති බවත් ප්‍රේමදාස මහතා කීවේය.
අද වන විට ගොවියා අමතක වූවාට මැතිවරණ සමයේ ගොවියා රවටා ජන්දය ගන්න කටයුතු කරන බවත් ඔවුන් එසේ කළත් සමගි ජන බලවේගය බලයත් ඇතුවත් නැතුවත් ගොවියා සුරකින්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාමක ටින්ටින්... පසුගිය කාලයේ හොර ගොබ්බ පාලන කාලයේදි ගොවියෝ වහ බිව්වා. ටින් ටින් එදා කොහේද හිටියේ... මේ විදියට උඩු බිරුවේ නැත්තේ. පක්ෂය බේරාගන්න ඕන නිසාද? දැන් ගොවියා ගැන දුක් වෙන්න ඕනෑ නැහැ විශ්‍රාම වැටුපක් පවා හදලා තියෙන්නේ.... ගොවියෝ කොහොමත් අසරණයි. ඒ නිසානේ ඔබලා පොහොර ටිකටත් විද්දේ... මතකද පොහොර වලට කරපු දේ. ඔබලා ඇවිත්. ලෝකයේ ඉන්න තිරසන් හිගන්නු දුප්පතාගේ දේවල් හොරා කාලා වැජඹුනේ... දැන් සැපද? ඔබලා ජනතාවගේ දුක කියනවා. ජනතාව නුඹලාට වුණු දේට සතුටු වෙනවා. ඔබලා දැන් අසරණ වෙලා ඉන්නේ... බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...
ගොවියෝ නම් එහෙම කියන්නේ නෑ. මෙයා කරන ගොවිතැන මොකක්ද?
ඔය තරම් දුක නම් ඉස්කෝල ගානේ ගිහින් ,කැසිනෝ කාරයන්ගේ පිහිටෙන් බස් බෙදපු වෙලාවේ ගොවියෝ ගැන හිතලා වැඩ කරන්ඩ තිබුණනේ, ජපනෙක් වෙන්න හැදුව එකනේ කෙරුවේ...
මෙයාට කයිවාරු ගහන එක ඇරෙන්න වෙන කරන්න වැඩක් නැහැ
අපොයි ඔව්, මෙයාලා ආණ්ඩුකරපු කාලේ ගොවියො හිටියේ රජවරුන් වගේ නේ. අනේ පලයන් සජියෝ යන්න.
අර හාල් මුදලාලිට මන්ත්‍රී කමක් දෙන්නං කියලා පොල්ල දාපු ලක්ෂ පන්දාහ රිටන් කරලා ඉන්නවද? එතකොට ගොවියාට ටිකක් හරි හොඳ කලක් යාවි.
මෙයා දැන් නයා මැරුණ අයිකුණ්ඨකයා ගානට වැටිලා, රටේ ජනතාව මෙයා කියන ඒවා සතපහකට ගණන් ගන්නේ නැහැ ! පාක්ෂිකයන්ට මෙයා ගැන කිසිම විශ්වාසයක් නැහැ, මෙයත් එක්ක ගිහිල්ලා ජාති ජාතිත් දිනන්න බැහැ කියලා දන්න නිසා. හැබැයි සැම සතියෙම මොකක් හරි මෝඩ කතාවක් කියලා එයා තවම මේ රටේ විපක්ෂ නායක කියලා අපිට පෙන්වන්න හදනවා. ආණ්ඩුවේ වාසනාවට හා රටේ අවාසනාවට පත් උන විපක්ෂ නායක.