
(නිමල කොඩිතුවක්කු)
කුමන අවස්ථාවක මැතිවරණ පැවැත්වූවත් ඒ සඳහා සූදානම් වන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකයින් වෙත උපදෙස් ලබා දී තිබේ.
මේ සඳහා පක්ෂ ශාඛා සමිති ශක්තිමත් කිරීමටත් ජන පවුර සහ සදහම් යාත්‍රා වැඩසටහන ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙසත් විපක්ෂනායකවරයා පක්ෂ නායකයින් වෙත උපදෙස් ලබා දී ඇත.
ආන්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව ලබන මස සිට ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
මෙම වැඩකටයුතු පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් සඳහා භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල්ලු ඉන්නකන් මොනවා කරලත් වැඩක් නැහැ.
රටට සෙතක් වෙන්න නම් මේ දූෂිත ආණ්‌ඩුව පන්නලා දාන්න ඕනෑ. මේ වෙලාවේ ඡන්දයක් තියමු. අපි පන්නලා දාන්නම්. හොරු ඉන්නතුරු රටට නම් සෙතක් වෙන්නේ නෑ. විපක්‌ෂ නායකතුමා ඉතිහාසගත ජයක් ලබන එක ඒකාන්තයි...