(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව  ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එම විශේෂ කාරක සභාවේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි එම කමිටු ආරංචි මාර්ගවලින් පැවසේ.

විශේෂ කාරක සභාව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු 200කට වැඩි පිරිසකගෙන් අදහස් හා යෝජනා දැනට ලබාගෙන ඇත.