
(විමුක්ති එස්. රුද්‍රිගු)
ශ‍්‍රී ලංකා භූමිය කිසිම විටකත් අපට මිතුරු රටකට විශේෂයෙන් ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා කරන්න කිසිවිටකත් ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ඉන්දීය මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවැසීය.
ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සහ ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය මාධ්‍යහමුවේ ජී.එල් පීරිස් මහතා එසේ පැවැසීය.
”මට සහතික වෙන්න පුළුවන් ශ‍්‍රී ලංකාව කිසිම විටකත් චීනයේ ණය උගුලක වැටෙන්නේ නැහැ. ඒ වගේම චීනයෙන් ලබා ගත් ණය ගෙවන්න බැරි වෙන්නෙත් නැහැ, ශ‍්‍රී ලංකාව චීනයත් එක්ක තියෙන ආර්ථික සම්බන්ධකම් ඉන්දියාවට හෝ කිසිම මිතුරු රටකට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒ වගේම ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්තිය කිසිම රටකට විශේෂයක් කරන්නෙ නැහැ.
හම්බන්තොට වාරයේ පාලනය හෝ අයිතිය චීනයට දෙන්න වෙන්නේ නැහැ මොකද හම්බන්තොට වාරය පාලනය වෙන්නෙ ශ‍්‍රී ලංකා වාරය අධිකාරියෙන්.කිසිම දිනකත් මුස්ලිම් අන්තවාදීන්ට ශ‍්‍රී ලංකා භූමිය යොදා ගනිමින් ඉන්දියාවට හෝ කිසිම රටකට තර්ජනයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම අපේ රට තුල මුස්ලිම් අන්තවාදීන්ට ඉඩ නෑ. ඒක අපිටත් තර්ජනයක් ”යනුවෙන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන එකක් කියලා අත්මාරුව ඉල්ලාගෙන මිසක් ආපහු එන්න එපා
ඒ ඉතින් අපේ භුමිය නේ.අපි රට රටවලට විකුනපු ඒවා ඒ රටවලට අයිති විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේ?
රටට තෙල් ටික දීගන්න බැරුව ලෝකෙන් ණය ගන්න ආණ්ඩුව ,කොහොම ද දන්නේ නෑ චීනයේ ණය බෙරන්නේ
කොච්චර උගත් උනත් දේශපාලනයට වැටුනොත් බලු වෙනවාමයි
අපේ රටේ ඉන්න හැම විදේශිකයෙක්ම ඇමෙරිකාවට ඔත්තු බලන අය කිව්වොත් වැරැදි නැහැ නේද?