(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය.
මේ නිසා බෙලිඅත්ත දුම්රිය ස්ථානය තුළ දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
එම විරෝධය නොතකමින් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 10 .00 ට දුම්රිය ගමන ආරම්භ කිරීමට දුම්රිය නිලධාරීන් කටයුතු කළේය.
හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් විරෝධතාවයේ නිරත වු පිරිස ඒ මහතාගේ රුව සහිත බැනරයක් බලහත්කාරයෙන් දුම්රිය එන්ජිම ඉදිරිපස සවි කළේය.
ඒ අනුව දුම්රිය ටික දුරක් ඉදිරියට ඇදෙන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලු දුම්රිය මාර්ගය මැද වාඩි වී විරෝධයක නිරත විය.
ඔවුන්ට ද සාධාරණ විසදුමක් ලබා දෙන බවට අර්ජුන රණතුංග මහතා පොරොන්දු වීමෙන් පසු එම පිරිස දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යළි දුම්රිය මාතර බලා ධාවනය ආරම්භ කෙරිණි.
කැකණදුර සිට බෙලිඅත්ත දක්වා විවිධ ස්ථානයන්හි මගීහු මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දුම්රිය මග දෙපසට වී සිය විරෝධතාව පළ කරමින් සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ රැලක්... මේවා මහජන මුදලින් ඉදිකරපුවා. අඩක් නිමකළ ව්‍යාපෘති පත්වෙන රජයෙන් ඉවර කරනවා. එතකොට ඒ රජයේ ජනපති අගමැති විවෘත කරනවා. එ්ක තමයි සම්ප්රදාය. නමුත් ගම්උදා ගෙවල් හදන එක දවස් 51දී නවත්තල පුවරුත් කාලා දැම්මා. මේවා දේශපාලන උසිගැන්වීම්... මොලයක් තියෙන පිරිස මේවා හෙළාදකිනවා. කාට හරි කඩේ යන නූගත් පිරිස තමයි මේවට යන්නේ...
හොඳ දෙයකට පියවරු සියයයි. නමුත් වැරදුණාම නොහොඳ දෙයක් නම් අවජාතකයි.
ගෝත්‍රික හැත්ත. දැන්වත් හැදියල්ලා මෝඩයනි... මේවා හදන්නේ උඹලගෙ සල්ලිවලින්. නැතුව මේ අයගේ බූදලයකින් නෙමෙයි. උඹලට කාටවත් උපහාර කරන්න ඕනේ නෑ. අපි මේ අයව ඡන්දෙන් පත්කරන්නේ මේවා කරලා රට දියුණු කරන්න තමයි.
අවසානයේදී ඔය සියලු දේම පාඩුව සහ ණය ගෙවීමට වෙන්නේ අපටම තමයි. ඒ මදිවට මන්ත්‍රීවරු යමරෙට! රටේ අවශ්‍යතාවය ඉක්මවා කරන දේවල ප්‍රතිවිපාක අපිට නේද ගෙවන්න වෙන්නේ? කෝ අපට සහන? කොහොමද දෙන්නේ? ණය බර වැඩියිනේ... තව ණය ගන්න වෙනවනේ පරණ ණය ගෙවන්න.. කෙළවර... අනේ අපොයි අපිට ගිය කලක් !
සත්‍ය එයම වෙනවා... රණතුංග මහතාට තියෙන්නේ ගම්පහ දුම්රිය ස්ථානය නවීකරණය කර දීමයි.
මංගල මහතාට, මහින්ද මහතාට අාරාධනය කරන්නේ නැතිද? දේශපාලනය කෙසේවෙතත් මංගල ඔහුගේ පියා මෙන්ම ප්‍රදේශයේ දියුණුවට වැඩ කළා... මහින්ද උන්නැහේ සමග එකතුවෙලා.
කාලයකට පසු සැබෑවූ සිහිනයක්. හිටපු ජනාධිපති යථාර්තයක් කළා. බැනර් එක ගැසීම සහ ඡායාරූප ප්‍රදර්ශනය සාධාරණයි. තවද මෙහි මූලාරම්භය ගත්තේ හිටපු ජනාධිපතිවරයෙක් වූ දිවංගත ආර් ප්‍රේමදාස මැතිතුමා බව අමතක නොකළ යුතුයි. ඡායාරූපයේ සිටින පුද්ගලයා දකිනවිට දුක හිතෙනවා...
පෙනෙනවා නේද එජාපයින්ට තිබෙන සහයෝගය..? තවම පටන් ගත්තේ නැහැ.. පටන් ගන්නේ දෙමළුන්ට කෑල්ලක් දෙන්න 20 අනුමත කරගන්න ගියාම...
මෙහෙමත් වහල්ලු ඉන්න රටක්.... මේ ඔබේ බදු මුදල් සහ අනාගතයේ ඔබේ දරුවන්ටත් පොලී ගෙවන්න වෙන ණය කියලා තෙරුම් ගන්න බැරි හැටි.. " ශ්‍රීලංකාව යනු සංවර්ධන කල නොහැකි රටකි"
ප්‍රේමදාස මහත්තයගේ කාලයේ හරි, මහින්දගේ කාලයේ හරි විරුද්ධ පක්ෂයෙන් ඔහොම කරා නම් ඒ මිනිස්සු එක්කෝ එලොව යවලා නැත්තම් ඉතින් සුදු වෑන් එකකින් උස්සලා. මේ රට ඔහොම ප්රජාතන්ත්රවාදයෙන් කරන්න බෑ. පොඩ්ඩක් සද්දෙත් දාලා තේරෙන භාෂාවෙන් කියලා නොදී නම් ආණ්ඩු කරන්න බෑ. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට බයට වැඩ කරන්නේ...
වහල්ලු කියන්නේ නිකං ඇයි.
ඒ කියන්නෙ රේල්පාර හැදුවෙ කවුද කියලා එහේ මිනිස්සුන්ට තාම මතකයි!
දියුණු රටවල් මීට වඩා විශාල ව්‍යාපාර කිසිම දෙයක් විවෘත කිරීමක් සිදුවන්නේ නැහැ. වැඩ අවසන්ම වූ පසු සේවාව ලබා දෙනවා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා...අපේ රටේ කරන්නේ දේශපාලකයන්ගේ උසිගැන්වීම් වලට වහල්ලු වගේ බසට අවනත කර ගැනීම..ජනතාව මෝඩයාට අඳිනවා විතරයි..
මෙවැනි මිනිසුන් ඉන්න තාක් කල් රට ගොඩ ගනු බොරු!
මේක හැදුවේ ගරු රනිල් මැතිතුමා .වෙන අයගේ පින්තූර ගැහුවා කියලා වැඩක් නෑනෙ .
මේකට වියදම් කරලා තියෙන්නේ තමන්ගේ බදු මුදල් කියලා තේරෙන්නේ නැති මහ ලොකු ජනතාව...
මහින්ද පටන් ගත්ත වැඩ විවෘත කරන්න යනවා.. එයට අාරාධනයක් වත් නොකර තමන් කළා වගේ... ඇමැතිකමට ඇවිල්ලා සති දෙකෙන්ද මේක හැදුවේ මෙයා... දිස්ත්‍රික්කයේ කෙනෙක්ට වත් අාරාධනා කලේ නැහැ...
මේවා සංවිධානය කරන්නේ හෙන්චයියන් විසින්. නැතුව මහජන විරෝධතාවන් නොවෙයි.
මෙපමණ කලක් බදු මුදල් තියාගෙන බම්බු ගැහුවද? හැම එකාටම ඕවා හිතල කරන්න තිබුණා. කළාට පස්සේ තමයි බදු මුදල් මතක් වෙන්නේ... මේ මුහුදුබඩ මාර්ගය මීට ඉස්සෙල්ලා හැදුව නම් ඒ පිටිසර ගම්මාන දැන් ගොඩක් දියුණුවෙලා. මහින්ද ඕක දැන්වත් හදපු එක ගැන සතුටු වෙයල්ලා. බොරුවට කෑ ගහන්නේ නැතුව...
මම කල්පනාකලේ මේ රජයෙන් හදපු මොන වියාපෘතියද...? මීලග රජය විවෘත කරන්නේ කියලයි...
ජනිඳු පෙරේරා, මතක තියාගන්න.. මොකෝ හදපු කෙනා කරේ පුද්ගලික සල්ලි වලින්ද? ගම්ව්ල මෝඩයෝ මේ වගේ තමයි. ඔයත් දකුණේ හරකෙක්ද?
ඉස්සෙල්ල මේවායින් කොමිස් ගහපු මුදල් ප්‍රමාණය කොතරම්ද කියලා බලන්න. මේක කාගේවත් බූදලයෙන් හදපු රේල්පාරක් නෙමේ. කව්රුහරි දේශපාලනයට එන්නේ වැඩක් කරන්න. ඒකට වරප්‍රසාද, වැටුප් විශාල වශයෙන් ලැබෙනවා. මේ වැය කරපු මුදල් අපේ රටේ... හිතන්න... හිතන්න..?
මහින්ද සීයට ආවඩන බෙලිඅත්තේ නූගත් මෝඩ රැලක් උන්ටම ප්‍රයෝජනවත් වන දුම්රියට විරෝධය පනවා කියන්නේ මොන තරම් මී හරක් වැඩක්ද? යකුනේ ජනතාවට හොඳක් වෙන වැඩකට ඔය පක්ෂ පාට පැත්තක දාලා අතහිත දීලා එම වැඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලාපල්ලා. මී හරක් වගේ හැසිරුණාම මේ රට හැමදාම එකම තැන පල්වෙනවා මිසක් වෙන මොනවද? යකෝ දේශපාලකයන්ට ගැත්තන් වෙන්න එපා. බෙලිඅත්තේ, වලස්මුල්ලේ ඉන්නෙ ඔය තරම් හරක්ද?
මහින්දගේ සල්ලිවලින් වෙන්න ඇති නේද? වහල්ලුන්ට මොනවා තේරෙනවද?
මම ඉන්න රටේ අපි පදිංචිව ඉන්න නගරයේ ප්‍රධානම තැපැල් බෙදාහැරීමේ මධ්‍යස්ථානය සාදා එය විවෘත කරන ලද්දේ එහි සේවය කරන වයස අවුරුදු 65ක් වන වයසකම ලිවුම් බෙදන්නා විසිනි. කිසිම දේශපාලකයෙක් මෙයට සහභාගී නොවූ අතර එම උත්සවයට (විනාඩි 5 යි) සහභාගි වුයේ එහි සේවක මණ්ඩලය පමණයි. කෑම බිම මොකුත් තිබුනේද නැත.
මහින්දගේ පුද්ගලික මුදලින්ද මේවා හැදුවේ? මේ වගේ මී හරක් ඉන්නකම් අපේ රටේ සංවර්ධනයක් වෙයිද? මේ අයට ඕන සංවර්දනය නොවෙයි. තමන් කැමති නායකයාව පත්කරගෙන තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කරගන්න. ඔය ප්‍රාදේශීය සහ පළාත් සභාවල ඉන්න හොරු සංවිධානය කරපුවා. UNP කාරයොත් එහෙම තමයි වෙනසක් නැහැ.
වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයට ලංකාවේ ජනාධිපතිවරු පස්දෙනෙක් මුහුණ දුන්නා. එයින් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමුන්ගේ පළමු වසර තුනහමාරේදීම යුද්ධය නිමාකළා.. අපේ බදුමුදල්වලින් යුද්ධකර ඔහු එම යුද්ධය නැවැත්විය යුතුද? එසේනම් ඔහුට ප්‍රථම හිටපු ජනාධිපතිවරුන්ට යුද්ධ නැවැත්වීමට කොන්දක් තිබුනේ නැද්ද? එසේනම් ඒ ජනාධිපතිවරු ඔවුන්ගේ අලසකම නිසා අපේ බදුමුදල් කොපමණ ප්‍රමාණයක් විනාශවෙන්නට ඇද්ද?
හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ලාබාලම මන්ත්‍රී ලෙස පත්වූ රජය කාලයේ (1970 සිට 1977 දක්වා) කිරිඇල්ල ආසනයේ (වර්තමාන ඇහැලියගොඩ ආසනයේ ) මන්ත්‍රී වර්තමානයේත් මන්ත්‍රී වාසුදේව මන්ත්රීවරයාමය. එකල දිස්ත්‍රික්කයේ සිටි ලොරි හිමියන්ගේ අවශ්‍යතාවයටත් හිතවතුන්ට දුම්රිය මගේ ඉඩම්දීමටත්... ඕපනායක දක්වා සුද්දන් හදා තිබුනු දුම්රිය මාර්ගය වසා දැම්මා. එය ඇහැලියගොඩ දක්වාවත් තබාගැනීමට එකල කිරිඇල්ලේ හිටපු මන්ත්‍රී උනන්දු වුනේ නැහැ. දකුණේ දුම්රියට මිනිස්සු විරුද්ධ නම් කැළණිවැලි දුම්රිය මග නැවත හදන්න...
ඊ... දකුණේ ඉන්නේ මිනිස්සුද, සත්තුද..?
අපේ බදු මුදල් අපේ සල්ලි... ඇමතිතුමා .ඉක්මනින් දුම්රිය අාරම්භ කරන්න. වහලුන්ට නටන්න දෙන්න එපා...
ඔය විරුද්ධතාවය දක්වපු සියලුදෙනාටම කියන්න තියෙන්නේ, කරලා තියෙන්නේ නිරීක්ෂණ චාරිකාවක් පමණක් බව... කොහේ හරි වරදක් තිබිලා අනතුරක් වූවානම් තුවාල වෙන්නේ එම දුම්රියේ ගමන් කළ අයට. හිටපු ජනපති මහින්ද මහත්තයාට අනතුරක් වෙනවාට විරෝධතා දක්වපු සියලුදෙනාම කැමති ඇති නේද? එතකොට ඔය සියලුදෙනාම එතුමාට දීර්ඝායු නිරෝගී භාවය නොවේද පතන්නේ? දැන් කවුද දිනුවේ? මහින්ද මහත්තයාගේ විරුද්ධවාදීන් නොවේද? පනින්න පෙර සිතා බලන්න.
මාතර සිට කතරගම දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ වැඩසටහන ආරම්භ කළේ 1991 දෙසැම්බර් මස 27 වන බව සඳහන් සමරු ඵලකයක පින්තුරයක් මේ දිනවල අන්තර්ජාලයේ දැකගත හැකිය. එවකට ජනාධිපතිවරයා වූයේ රණසිංහ ප්‍රේමදාස වූ අතර ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යවරයා වූයේ විජේපාල මෙන්ඩිස් බව එහි දැක්වේ. කවුරු මොනවා කීවත් මහජනතාවගේ මුදලින් ඉදිකෙරෙන මොනම දෙයකට හෝ දේශපාලුවන්ගේ නම් සඳහන් කර ඵලක ඉදිකරන්නේ අපේ වැනි බංකොලොත් රටවල පමණක් බව නම් කිවයුතුය.
හරක් ඉන්න රටක අපිත් ඉපදුනානේ කරුමෙට...
මේ දුම්රිය ආරම්භ කරන දිනයේම, කොල්ලන් බල්ලන් උසිගන්වා දුම්රිය ස්ථානයටත්, රේල්පාරටත් තල්ලු කරපු තුට්ටු දෙකේ දේශපාලුවන්ගේ අදහස කුමක්දැයි නොදන්නා පිංගුත්තරයන් පත්තරවල රුපවාහිනිවල උන්ගේ පින්තුර දැක්කම සතුටුවන්නේ කොහොමද? ඊටත් වඩා සතුටුවන්නේ මේ රංචුව ලිහා රේල්පාරට දැමු හොර දේශපාලුවොයි. මේ ව්‍යාපෘතියත් මහින්දගේ වැඩක් කියා පෙන්වන්නට උත්සාහ දරන්නේ, ප්‍රසිද්ධ වැසිකිළිවල පවා රාජපක්ෂ පවුලේ නම් සහිත බෝඩ් ලෑලි එල්ලන හෙන්චයියල විසින් බව මේ පුවතින් යලිත් වරක් පැහැදිලි වෙනවා.මාතර සිට කතරගම දක්වා දිවෙන දුම්රිය මගේ මුලික වැඩ කටයුතු සඳහා ඉඩම් ලකුණු කිරීම කර තිබුනේ 1940 දශකයේ මුල් කාලයේ බව වැඩිහිටියන් නොයෙක්වර කියනවා මට මට මතකයි. එතකොට මහින්දලා මොන ලෝකේ හිටියද කියා දන්නා කෙනෙක් ඔය බෝඩ් ලෑලි වීරයෝ අතර ඉන්නවාද? මේවා දේශපාලන රඟපෑම් විතරයි.
වෙනදට වඩා අපෙන් ගන්න බදු මුදල දැන් වැඩී. මහ බැංකු වාර්තා වලින් ඒ බව ඔප්පු වෙනවා. නමුත් එම බදු මුදලින් සුවහසක් ජනතාවට ලබාදෙන පහසුකම් ලැබුනේ මහින්දගේ ආණ්ඩුවෙන්. එතුමා සැලසුම් අමාත්‍යංශයේ රටට කලයුතු සංවර්දන කටයුතු වැඩියෙන්ම කලේ එතුමාගේ කාලයේ. ජනවාරි අට වෙනිදට පසු ඒ ගමන සෑහෙන ලෙස නතර වුණා. අපිට වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ දිලිදු පවුල් වලට ගෙවල් හදල දෙන එක විතරයි. රටේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය ලැබෙන්නේ නැහැ .